“ඔහුට වශී වුණු රසිකයො බොහොමයක්, මේ ගීතයේදී ඔහුගෙ ගැයුම අගයකරනවා”

සමහර නවකතාවල ප්‍රධාන චරිතවල හැසිරීම් රටාව, චින්තන විධි ආදිය පැහැදිලි ව පෙනෙන්න, සෙසු, උප සහ සුළු චරිත වැඩි වැඩ කොටසක් කරනවා. ඒවගේ, සමහර ගීතවලදි ගායකයා හෝ ගායිකාවගේ ගැයුම මතුවෙන්න පසුබිම් ගායකයන්ගෙන් සහයක ගායකයන්ගෙන්, පිටුබලයක් ලැබෙනවා. ඇතැම් වෙලාවට ප්‍රධාන ගායනයට වඩා, පසුබිම් ගායනය නිසා මුළු ගීය ම එළිය වෙනවා. කවියක දීපකයක් වගේ කැපිලා පේන්න ගන්නවා.

මේ තියෙන්නෙ, T-series එකේ Mixtape එකක් විදියට රෙකෝඩ් කෙරුණු, ‘Agar thum saath ho’ සහ ‘Maahi ve’ කියන හින්දි සිංදු දෙකේ එකතුවක්. මුසුවක්. මේ සිංදුව කියන්නෙ, ප්‍රකට ගායකයෙකු වන Jubin සහ Prakriti නම් ගායිකාවක්.

තනු නිර්මාණය කරන්නෙකු වන, Abhijit Vaghani තමයි මේ දෙන්නගෙ ගැයුමෙ කෝරස් එක විදියට යෙදෙන ‘Maahi ve’ කොටස ගායනා කරන්නෙ. මෙතන සුදු කමිසයක් ඇඳන් ඉන්නෙ ඔහු. Abhijit කරන්නෙ පසුබිම් ගායනයක් ම නෙවේ, එක්තරා සහයක ගායනයක්. වාක්‍යය දෙකක් වගේ පොඩි කොටසයි ඔහු ගයන්නෙ. හැබැයි මුළු සිංදුවම දිදුළන්න ගන්නෙ එතනින්. මේ සහයක ගායනය කරන, Abhiji ගෙ හඬේ සැහැල්ලු විලාසය නිසා, අපිට ඇත්තටම දැනෙන්නෙ ප්‍රධාන ගායකයා සහ ගායිකාව එයාට පසුබිම් ගායනයක් කරනවා වගෙයි. ඔහු ස්ටේජ් එකෙන් පැත්‍තකට වෙලා ඉඳගෙන හඬින් වගේ ම තනුවෙනුත් තමන්ගෙ වැඩ පෙන්වනවා. කනට හිතට සනීපදායක තනු මේ!

ඔහුට වශී වුණු රසිකයො බොහොමයක්, මේ සිංදුවෙදි ඔහුගෙ ගැයුම අගයකරලා තියෙනවා. ඔහු සහය ගැයීම් ඉදිරිපත් කරන තවත් සිංදු T-series එකෙන් හොයාගන්න පුලුවන්.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...