මීගමුවේ පැවති වෙරළ වොලිබෝල් තරගාවලිය : කාන්තා, පිරිමි ශූරතාව ප්‍රංශයට

සිව්වන වරට ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) විසින් සංවිධානය කරනු ලබන වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග ඊයේ (17 වැනිදා) මීගමු වෙරළ තිරයේදී පවත්වන ලදී. පසුගිය 13 වන දා ආරම්භ වූ මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාව ප්‍රංශ කණ්ඩායම් හිමි කර ගත්තේය.

ඊයේ පැවති පිරිමි අවසන් තරගයේ පළමු වටය 19 – 21 ලෙස ප්‍රංශය ජයගත් අතර දෙවැනි වටය 17 -21 ලෙස ජර්මනිය ජය ගත්තේය. තෙවැනි වටය 15 – 10 ක් ලෙස තියුණු තරගයක් ලබාදෙමින් ජර්මනිය පරාජයට පත් කළ ප්‍රංශය ශූරතාවය දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් කාන්තා අංශයේ ජයද පිට පිට මුල් වට දෙකම ජය ගනිමින් ප්‍රංශය හිමි කර ගැනීමට සමත්විය.

ඊයේ (16) පැවැති අවසන් පුර්ව පිරිමි තරග සඳහා ජර්මනි පළමු සහ දෙවැනි කණ්ඩායම්ද, ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම සහ ඕමානයේ දෙවැනි කණ්ඩායම සහභාගි වූ අතර කාන්තා තරග සඳහා ප්‍රංශයේ පළමු කණ්ඩායමත්, ශ්‍රී ලංකා පළමු, දෙවැනි සහ තෙවැනි කණ්ඩායම් සහභාගි විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව පිරිමි අංශයෙන් ජර්මනි පළමු කණ්ඩායම සහ ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලැබු අතර ශ්‍රී ලංකා දෙවැනි කණ්ඩායම සහ ප්‍රංශයේ පළමු කාණ්ඩායම කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය,ඕමානය, සෞදි අරාබියාව,වෙනිසියුලාව, කොලොම්බියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් 08ක් සභාභාගීවන අතර ඊට පිරිමි ක්‍රීඩා කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් සහභාගි විය.

ඡාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරල වොලිබොල් තරගාවළියේ සත්කාරකත්වය ප‍්‍රථම වරට ශ‍්‍රි ලංකාවට හිමිවු අතර මෙහි පුර්ණ සංවිධානය ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ පුර්ණ අධික්ෂණය යටතේ, යුද හමුදාධිපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාධිපති වයිෂ් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරාගේ සහයෝගය ඇතිව ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදුකරන ලදි.

ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...