‘ප්‍රේමය පසසනු වස්’

“ප්‍රේමය යනු හුදෙක් දෙදෙනෙක් හමුවීම සහ ඔවුන්ගේ ඇතුළට නැමුණු සම්බන්ධතාව පිළිබඳ වූවක් නොවෙයි. එය ගොඩනැංවීමක්.”
– 35 පිටුව –

“අන්තිමේදී ප්‍රේමය දිග හැරෙන්නේ මේ ලෝකය තුළයි. එය ලෝකයේ නීතිය අනුව පූර්ව උපකල්පනය හෝ ගණනය කිරීම කළ නොහැකි සිදුවීමක්. අභිමුඛ වීම කල්තබා සූදානම් කිරීමට කවරෙකුට හෝ කිසිඳු හැකියාවක් නෑ.”
– 36 පිටුව –

“ප්‍රේමය තුළදී වැදගත් වන්නේ දෙදෙනෙකු වෙනස හසුරවා ගන්නේ කෙසේද යන්න සහ එය නිර්මාණශීලී කරගන්නේ කෙසේද යන්නයි.”
– 57 පිටුව –

“නිශ්චිතව කියන්නේ නම් ප්‍රේමය යනු විය හැකි භාවයන් නොවේ. ඒ වෙනුවට එය විය නොහැකි යැයි පෙනෙන යමක් අතික්‍රමණය කිරීමක්.”
– 70 පිටුව –

“ප්‍රේමය හා දේශපාලනය පිළිබඳ නොබිඳුණු විශ්වාසය යමෙකු විසින් කිසි විටෙකත් අත් නොහැරිය යුතුයි.”
– 77 පිටුව –

“ප්‍රේමයේ සැබෑ විෂය වන්නේ පෙම් යුවළක් සමන්විත වන එක් එක් තැනැත්තාගේ හුදු තෘප්තිය නොව, යුවළක් බවට පත්වීම යන්න යමෙක් පිළිගතහොත් අපට කිව හැකියි ඒ අර්ථයෙන් ප්‍රේමය කොමියුනිස්ට්වාදී කියා.”
– 90 පිටුව –

වෙනත් කිසිම බාහිර පැහැදිලි කිරීමකින් හෝ හැඳින්වීමකින් තොරව එකම පොතකින් එකම මාතෘකාවකට සම්බන්ධ උදෘත කිහිපයක් පමණක් උපුටලා දක්වන එක කෙනෙකුට ගෝචර නොවෙන්න පුළුවන්. ඒත් උදෘත සහ උදෘත ඇතුළත් කෘතිය ඕනම කෙනෙකුට ගෝචර වෙන්න පුළුවන් නිසා උපුටන විතරක් මෙතන සටහන් කළා.
කෘතිය,
In Praise of Love
– Alain Badiou with Nicolas Truong

ප්‍රේමය පසසනු වස්

– සිංහල පරිවර්තනය කෞෂල්‍ය කුමාරසිංහ සමඟ විදුර මුණසිංහ

චාලක ප්‍රමුදිත ලුනුවිලගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy