ඩේවිඩ් වෝනර් එක් දින පිටියෙන් ද සමු ගැනීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමු ගැනීමට තීරණය කර තිබේ. ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බවයි ඔහු සඳහන් කරයි. එය බොහෝ පිරිසක් බලාපොරොත්තු නොවූ තීරණයක් බවයි ඔස්ට්‍රේලියා වාර්තා පෙන්වා දෙන්නේ. ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම මීට පෙර ප්‍රකාශ කළේය. බදාදා ඇරඹෙන පාකිස්ථානයට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතය. එහෙත් එක්දින ජාත්‍යන්තර පිටියෙහි ඔහු රැඳී සිටිනු ඇතැයි විශ්වාසය පළ විය. ක්‍රිකට් ඔස්ට්‍රේලියා කියා සිටින්නේ වෝනර් වැනි ආරම්භක පිතිකරුවන් දුර්ලභ බවය. ඔහු වෙනුවට ක්‍රීඩකයන් හය දෙනකු පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ඔස්ට්‍රේලියා ක්‍රිකට් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...