මාස පහක් තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මතක පොත හැඬවමින් තුන්වෙනියා ඇන්ඩෲ සයිමන්ඩ්ස් සමුගනියි

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තවමත් 46 හැවිරිදි ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ටවුන්ස්විල් ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වීතිබේ.

46 හැවිරිදි සිමන්ඩ්ස් 2009 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පදිංචිව සිටි බව සඳහන්.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ඩෲ සයිමන්ඩ්ස් ට අමතරව මෙම වසර මුලදී හිටපු කඩුලු රකින ක්‍රීඩක රොඩ් මාෂ් සහ ලොව අග්‍රගන්‍ය පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන්ගේ අභාවය ද ඔස්ට්‍ර්‍රෙලියානු ක්‍රිකට් ලෝලීන්ගේ දෑස් තෙත් කරමින් සහ හදවත් සසල කළ සිදුවීම් දාමයක් විය. මෙම සිදුවීම් පෙළ කැන්ගරු දේශයේ ක්‍රිකට් ඉතිහාසයට විශාල හිස්තැනක් වනු ඇති බවට ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇන්ඩෲ සයිමන්ඩ්ස් වර්ෂ 1998 සහ 2009 කාලවකවානුව තුළ ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 26ක්, එක්දින හා ජාත්‍යන්තර තරග 198ක් මෙන්ම විස්සයි20 තරග 14ක් ක්‍රීඩා කර තිබේ.

2006-07 දී එංගලන්තයට එරෙහිව පන්දුවාර 50 ලෝක කුසලාන ජයග්‍රහණ දෙකක් සහ ඔස්ට්‍රෙලියාවේ අළු බඳුන ටෙස්ට් ජයග්‍රහණයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කොටස්කරුවෙකු වේ.

බර්මින්හැම් හි උපත ලද ඇන්ඩෲ සයිමන්ඩ්ස් එක්සත් රාජධානියේ කෙන්ට්, ග්ලූස්ටර්ෂයර්, ලැන්කැෂයර් සහ සරේ සඳහා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අයෙකි.

ඊයේ රාත්‍රියේ සිටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම වත්මන් පරපුරේ ක්‍රිකට් ක්‍රීඩකයින් ද සයිමන්ඩ්ස්ගේ අභාවය සම්බන්ධයෙන් සිය සංවේගය නිල ට්විටර් ගිණුම් හරහා පළ කර තිබේ.

ෂේන් වෝන්, ඇන්ඩෲ සයිමන්ඩ්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...