අම්මාට අමාරුයි, අනේ හනිකට වරෙන්, රත්තරං මල්ලියේ

මල්ලියේ
අම්මාට අමාරුයි.
රත්තරං මල්ලියේ
අනේ හනිකට වරෙන්.

තාත්තා
භූමිතෙල් පෝලිමෙ දි
ඇද වැටී මිය ගියා.

අක්කගෙත් රස්සාව
හිටි ගමන් නැතිවුණා.

මල්ලියේ
වේල් ගානක් නොකා
අපි හිටියෙ හාමතේ.

මහ පාරෙ
අම්ම ඇද වැටුණා ම
අරන් යනකොටත් ඉස්පිරිතාලෙ
ත්‍රීවීල්ලෙකත් මඟ නැවතුනා
තෙල් නැතුව.

අනේ ඉස්පිරිතාලෙ
බේත් නෑ මල්ලියේ.

චේන් පොට
උකස් කරලා ගත්තු
දොයිතුවත්
පාමසියෙ බේත් ටිකට ම ගියා.

තාම දැඩි සත්කාරෙ
හුස්ම ගන්නෙත් හෙමින්.

මල්ලියේ
අනේ ලක් අම්මාට අන්තිමයි.
ලේ දෙන්න වේවි හෙට.

රත්තරං මල්ලියේ
අනේ හනිකට වරෙන්
අම්මාට ලේ දෙන්න.

මං
හිච්ච් අක්කා.

– කුමාර හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...