ලෝකයේ බොහෝ දෙනෙකුගේ හදවත්හි සදානොමියෙන ආදරණීය චරිත ත්‍රිත්වය… !!

“ජනප්‍රියතාවය” වූ කලී කුමන හෝ මානව ක්‍රියාකාරකමක් මතින් ඉතා ක්ෂණික පැනනගින්නකි. එය එකසේ පවත්වාගෙන යෑම ඉතා අසිරු කාරණාවක් වන අතර එය එක ලෙසම ජීවිතයේ අවසානය දක්වාම පවත්වාගෙන යෑම ඊටත් වඩා ඉතා අසීරු කාරණාවක් වන්නේ ය. එහිලා ජීවිතයෙන් මතුවටත් යමෙකුගේ ජනප්‍රියතාවය ජීවත්ව සිටියදී ලද ජනප්‍රියත්වයට නොඅඩුව පවතීද එය ඉතා විරල ගණයේ කාරණාවක් වන්නේ ය. එවන් වූ වාසනාවක් ලද හැක්කේ
ලොව කීයෙන් කී දෙනාද ?

ගෙවීගිය විසිවැනි සියවසේ දී මානව අභිවෘද්ධිය පිණිස ලොව විවිධ ක්ෂේත්‍රයන්වලට අනූපමේය සේවයක් ඉෂ්ට සිද්ධ කොට මිය පරලොව ගිය බොහෝ දෙනෙකු වූහ. ඔවුන් අතරින් යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට ලෝක ජනතාවගේ ( එහිලා විශේෂයෙන් තරුණ පරම්පරාවේ ) හදවත්හි ලැගුම් ගෙන සිටින සදා-අමරණීය චරිත ත්‍රිත්වයක් ලොව වේ. ඔවුන් කව්රුන්ද ?

1.වෛද්‍ය අර්නස්ටෝ චේ ගුවේරා ( Ernesto Che Guevara 1928 – 1964 ) / රැඩිකල් දේශපාලනය.

2.බෲස් ලී ( Bruce Lee 1940 – 1973 ) /ආත්මාරක්ෂක සටන් කලාව .

3. මයිකල් ජැක්සන් ( Michael Jackson 1958 – 2009 ) /ප්‍රසාංගික සංගීත කලාව.

සැබවින්ම මොවුන් තිදෙනා ඒ ඒ ක්ෂේත්‍රයන්’හි අමරණිය මතකයන් සමුදායක් ඉතිරිකර ගිය ලොව පහළ වූ විශිෂ්ටයන් වශයෙන් මෙලොවින් සමුග්තද අදත් ඔවුන් මෙලොව ජීවත්වන කොයි කා අතරත් ඉතා ජනප්‍රිය වීර චරිත ත්‍රිත්වයක් වන්නේ ය. තවත් අතකින් මොවුන් තිදෙනා මෙලොව තරුණ ජීවිතවලට මහත් බලපෑමක් එල්ල කළ චරිත ද වන්නේ ය.එහෙයින් මොවුනට පෙම්නොබඳීන හෝ ගරු නොකරන අයෙකු මේ පෘථිවි ගෝලය තුළ සිටිත්දැයි යන්න මට නම් මහත් ගැටළුකි. ඒ තරමටම මොවුන් තිදෙනෙගේ ආකර්ෂණය හා ජනප්‍රියතාවය ඉතා ඉහළ අගයක් ගන්නේ ය. එබැවින් මොවුන් තීදෙනා හදුන්වන්නේ සදා නොමියන චරිත වශයෙනි.

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...