“ISIS කියන්නේ ඉස්ලාම් ආගම නෙවෙයි… ත්‍රස්තවාදින්ට ආගමක් දහමක් නෑ..”

සිරියාවේ එක්තරා ප්‍රදේශයක තම මෝටර් රථයෙන් ගමනක් යමින් සිටි කතෝලික යුවලක් ආයුධ සන්නද්ධව පැමිණි ISIS ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් නවත්වනු ලබනවා. ඉන් එක් සාමාජිකයෙක් මොවුන් දෙදෙනා අසළට පැමිණිලා මෙසේ අහනවා…

නුඹලා මුස්ලිම් ජාතිකයන්ද..?

ඔව්… අපි මුස්ලිම් ජාතිකයන්… කතෝලික සැමියා පිළිතුරු දෙනවා…

හොඳයි… අපිට ඒක සනාථ කර ගන්න ඕනි… ඔහේලා මුස්ලිම් නම් කුරාණයේ සඳහන්වන එක ඡේදයක් කියනවා බලන්න…
කතෝලික සැමියා බයිබලයේ සඳහන්වන ආදරය හා සහෝදරත්වය පිළිබඳ ඡේදයක් ඔවුන්ගේ භාෂාවෙන් කියවගෙන යනවා…
ඔහුගේ බිරිඳ බියෙන් තැතිගෙන අනෙක් පැත්තට වී බලාගෙන ඉන්නවා…

කතෝලික සැමියා කියන දේ හොඳින් අහගෙන හිටිය අර ත්‍රස්තවාදී සාමාජිකයා ඔහු කියන එක අවසන් කළ වහාම… හරි… අල්ලා දෙවියන්ගේ පිහිටයි… නුඹලාට යන්න පුළුවන්… කියා ඔවුන්ව එතනින් නිදහස් කර යවනවා…

මෙච්චර වෙලාවක් බියෙන් හිටපු ඔහුගේ බිරිඳ ඔහුගෙන් මෙසේ අහනවා… මට අදහා ගන්න බෑ… මට ඔයා ගැන පුදුමත් හිතෙනවා… මට හිතාගන්න බෑ ඔයා ඒ වෙලාවේ ගත්ත ජීවිත අවධානම ගැන… ඇයි ඔයා උන්ට කිව්වේ අපි මුස්ලිම් ජාතිකයන් කියලා… උන් දැනගත්තානම් අපි උන්ට බොරුවක් කරනවා කියලා… එවලෙම, එතනදීම උන් අපි දෙන්නව මරලා දානවා…

එවිට සැමියා ඇයට මෙසේ පිළිතුරු දෙනවා…

ඔයා කලබල වෙන්න එපා… උන් කුරාණය දන්නවනම්, ඒක හරිහැටි කියවලා ඒකේ තියෙන විදියට ජීවත් වෙනවානම් උන් කවදාවත් අහිංසක මිනිස්සුන්ව මරන්නේ නෑ…

ISIS කියන්නේ ඉස්ලාම් ආගම නෙවෙයි… ත්‍රස්තවාදින්ට ආගමක් දහමක් නෑ…

මේ කතාව ප්‍රසිද්ධ ඇමරිකානු නිළියක් වන ඇන්ජලිනා ජොලි විසින් මීට කළකට පෙර ඇගේ Facebook ගිණුමේ සඳහන් කර තිබුණු කතාවක්…

මේ කථාව මෙහෙම ඇය විසින් සටහන් කර තිබුණත් 1983 ජූලි කළබල සමයේ අපේ රටේත් ඔය හා සමානම දෙයක් සිද්ධවෙලා තිබුණා… 83′ කළබල දවස්වල පාරේ යන දෙමළ මිනිහා සිංහල මිනිහගෙන් වෙන්කරලා අඳුරගන්න මැරයන් විසින් දෙමළ මිනිහා ලවා සමහර සිංහල වචන උච්චාරණය කරන්න සලස්වලා තිබුණා… (උදාහරණයක් විදියට ඒ අහන සිංහල වචන අතරින් ‘බාල්දිය’ කියන වචනය ඒ කාලේ හරි ප්‍රසිද්ධ වෙලා තිබුණා… සිංහල මනුස්සයා හරියට ‘බාල්දිය’ කියන වචනය උච්චාරණය කළත් බහුතර දෙමළ මනුස්සයන් ඒ වචනය උච්චාරණය කරන්නේ ‘පාල්දිය’ කියලයි…) ඒ වචනය සිංහල අකාරයට හරියට උච්චාරණය නොවී මේ විදියට වෙනසක් උනොත් ඉතිං දෙමළ මනුස්සයට එතනින් ගැලවීමක් නැති වෙලා තිබුණා… බොහෝ දෙමළ මිනිසුන් ‘බාල්දිය’ කියලා හරියට කියා ගන්න බැරිව පහරකෑම් වලට ලක්වීම් වගේම සමහරු තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවා තිබුණා…

– ධම්මික සමරතුංග

#DhammikaSamaratunga…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...