ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචී වීමේදී ලැබෙන, මේ දිනවල කා අතරත් ජනප්රිය QR කේතය, (Quick Responce Code) තවත් සාඩම්බර ජපන් නිර්මාණයකි.
1994 වසරේදී එය නිර්මාණය කළේ ජපන් ඉංජිනේරුවෙකු වූ “මසහිරෝ හරා“ මහතා විසිනි. ජපන් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වූ “දෙන්සෝ වේව්“ ආයතනයේ අධිවේගී යන්ත්ර වල ක්රියාකාරීත්වය පරිගණක ඔස්සේ නිරීක්ෂණය කිරීමට මසහිරෝ විසින් මෙම QR කේතය හඳුන්වාදෙන ලදි.
පුරාණ චීන පුවරු ක්රීඩාවක් වූ Go Game නම් වූ ක්රීඩා පුවරුවේ ආකෘතිය දැක්වෙන ලෙස නිර්මාණය කළ මෙම QR කේතය තුළ බොහෝ දත්ත ගබඩා කළ හැකි අතර උපරිම වශයෙන් “පරිගණක අක්ෂර” 7000ක් මෙම QR කේතයක් තුළ ගබඩා කළ හැක. කෙටි කලක් තුළ ලොව පුරා පැතිරී ගිය මෙම QR කේත දත්ත ගබඩා ක්රමය අද වන විට සෑම ක්ෂේත්රයකම භාවිතා වන නැතුවම බැරි කේත ක්රමයකි.
පින්තූරයේ සිටින්නේ QR කේත නිර්මාතෘ මසහිරෝ හරා මහතායි.
– හසිත හේරත්