කොහොම හරි දැන්, අපියි, පකිස්තානෙයි final

ඊයෙ මැච් එක
Gurbaz පටන් ගත්ත ගමන් පාරවල් දෙකක් එලියට ගැහුවා ට , Gurbaz , Zazai දෙන්නම ඉක්මනින් අවුට් උනා ට පස්සෙ Afghan ල ට ලොකු ලකුණු ගානකට යන එක හීනයක් වගේ උනා. ලොකු ලකුණු ගානකට යන්න ඒගොල්ලන්ට ඉතිරි වෙච්චි එකම විදිය Ibrahim, Karim දෙන්නා පුළුවන් තරම් ඇදලා දීලා අන්තිම ටිකේ Najib , Nabi, Rashid හතර අතේ නෙලුවොත් තමයි. ඉතින් ඒගොල්ලො try කලෙත් ඒක ම තමයි. එතනදි Ibrahim, Karim දෙන්නා තමන්ගෙ වැඩේ යම් ප්‍රමාණයක් කලාට ඊට පස්සෙ Najib, Nabi ෆේල් වෙච්චි එකෙන් ඒ වැඩේ බැරි උනා. එතනදි Najib අවුට් වෙච්චි විදිය කොහොමවත් අනුමත කරන්න බෑ. Experience , senior player කෙනෙක් හැටියට ඒ වෙලාවෙ Shadab එක්ක ගේමක් ඇදගෙන මොට්ට පාරක් ගහලා අවුට් වෙන එක නෙවෙයි කරන්න ඕන. Najib අනවශ්‍ය දෙයක් කලේ. කොහොම හරි Rashid අන්තිම ට ගහපු පාරවල් දෙක තුනෙන් 129 ක් ගහගන්න afghan ලා ට පුළුවන් උනා.

Pakistan bowlers ලා ට හතර අතේ නෙලනකොට ඒගොල්ලන්ගෙ comeback එක innitiate කලේ Rauf. එයා ඒ ගෙනාපු tight එකත් එක්ක Nawaz , Shadab ඉතිරි ටික තවත් තද කලා. ඉතිරි අඩුපාඩු ටික ඉතින් afgan batting සම්පූර්ණ කරලා දුන්නා.
කොහොමහරි 130 ක target එකක් කියන්නෙ ඒ ground එකේ මහලොකු කෙලියක් නෙවෙයි. ඔය කට්ටිය කියන තරම් අම්බානක් ම හොඳටම afghan ලා බෝල් කලා කියලා මං පිලිගන්නෙත් නෑ. හැබැයි තමන්ගෙ middle order එක පට්ට brittle කියලාත් , Afgan bowling lineup එක world class කියලාත් දන්න නිසා Pakistan බැට් කරන්න ආවෙ ටිකක් අනවශ්‍ය pressure එකක් කලින්ම ඔලුවෙ දා ගෙන. මේ 130 target එක ගැහුවොත් කෙලින්ම final කියන එකත් pressure එකක් වෙන්න ඇති.
Face කරපු පලවෙනි බෝලෙන් ම Babar අවුට් උනාම වැඩේ double උනා. Zaman ගෙ ඔලමොට්ටල දිවිල්ලෙන් triple උනා. මේවා ඔක්කොම එක්ක අනවශ්‍ය cautiousness එකක් pakistan ලා බලෙන් පටවගත්තා. ඒක ඉතා වැරදි decision එකක්. Pressure එක තිබ්බාට එහෙන් මෙහෙන් පාරක් දෙකක් ගහන්න try නොකරපු එකෙන් තමයි වැඩේ ඔය තරම් කේස් උනේ. Rizwan ට තව ටිකක් බය නැතුව ගහන්න තිබ්බා. ඊට පස්සෙ ලකුණු ගහන්න මෙලෝ මල යකෙක් නැතිකම නිසාම නොගහ ඉන්න ඇති. ඒ උනාට කල යුතුව තිබ්බෙ ඒකද කියලා මට සැකයි. Mujeeb, Nabi Rashid හොඳට බෝල් කලාට පාරක් එලියට ගහන්න බෝලයක් වැටුනෙ නැත්තෙම නෑ.

Rizwan අවුට් උනාම pakistan තමන්ගෙ ඉතිරි එකම ඔලුව පාවිච්චි කරන්න පුළුවන් player වෙන Shadab ව එවන්නෙත් Risk එක අඩුම කරගන්න. ඒක හොඳ move එකක් උනාට Attacking option එකක් හැටියට Nawaz ව හරි, නැත්නම් පුළුවන් හයියෙන් බෝල් 10 කට ගහලා වරෙන් කියලා Rauf ව හරි එවන්න තිබ්බෙ. මොකද Afghan ලා හොඳට බෝල් කලාට counter attack කලාම අවුල් යනවා, උන්ගෙ pressure handling හොඳ මදි, ඊයෙ අන්තිම ට උනෙත් ඒක ම තමයි. ඒ වගේම Nabi ට, Mujeeb, විතරක් නෙවෙයි Rashid ට ත් අන්තිම ට 6 ඒවා ගැහුවා නෙ. මං කියන්නෙ ඒවා ටිකක් කලින් ඉඳන් ම try කරන්න තිබ්බා. අර අපේ මෙන්ඩා Rashid ගෙ පලවෙනි ඕවරේට 17 ගහලා ඉවරයක් කලා වගේ. දෙන්නෙකුට මුලදිම නෙලුවා නම් වැඩේ මෙහෙම කුරුවල් වෙන්නෙ නෑ. එහෙම නැතුව Pakistan තමන්ගේ attack එක පුළුවන් තරම් පස්සට දාන්න දාන්න උනේ afghan ලගෙ confidence level එක වැඩි උනා පකිස්තාන් උන් හිර උනා. ඊට වඩා මාර එකක් නම් උනේ නෑ.

මේ Pakistan Safety first, attack later principal එක නිසාම තමයි අර මං කිව්වා වගේ Shadab කලින් එන්නෙ. හැබැයි පට්ට reliable player කෙනෙක් වෙච්චි shadab මේ යනවිදිය හොඳ මදි කියලා තේරුම් අරගෙන තමයි 12 වෙනි ඕවරයේදි Nabi ට 14 ගහලා ඊලඟ Mujeeb ගෙ අන්තිම ඕවරේට 6 ක් එහෙම ගහලා ලෑස්ති වෙන්නෙ. හැබැයි ඊලඟ ඕවර දෙක තුනේ ආයෙ හිරකරගන්නවා. ඒ කොහොම කොහොම හරි ඕවර 17 ක් ඉවර වෙනකොට තව පකිස්තානෙට ඉතිරි වෙන්නෙ බෝල් 18 කට 25 ක් ගහන්න . විකට 5 ඉතිරියි. Rashid බෝල් කරලා ඉවරයි. බැට් කරන්නෙ Nawaz එක්ක Asif Ali. මැච් එක තනිකරම pakistan අතේ තියෙන්නෙ. Rashid ගෙ අන්තිම ඕවරේට 6 දෙකක් ගහලා තමයි rate එක අඩුකරගන්නෙ ඒ ගානට.
ඔන්න ඔය වෙලාවෙ තමයි Afghan අනාගත රිදී රේඛාව Farooqi තමන්ගෙ ජීවිතේ වගේම මේ tourment එකේ හොඳම ඕවරෙ දාලා. Nawaz , Khushdil දෙන්නවම ගෙදර යවන්නෙ.

දැන් බෝල් 12 ලකුණු 21 විකට් තුනයි. මේක ඒ කියන්නෙ 19 වැනි ඕවරය තමයි Pakistan team එකේ ඔලමොට්ටල කම ප්‍රදර්ශනය කරපු ඕවරය.

Haris Rauf කරන්න ඕන දෑත බදලා බෝලෙට නෙලන එක නෙවෙයි single එකක් දාලා Asif Ali ට ගහන්න දෙන එක.
ඊලඟට එක 6 ක් එලියට ගැහුවා ට පස්සෙ තව 6 දෙකක් ගහන්න බෝල් 8 ක් ඉතිරි වෙලා තියෙද්දි Asif Ali ඔලුව උඩින් ගිය බෝලෙට ගහපු මොංගල් ශොට් එක. ඒ ඕවරයේ පකිස්තානෙ විනාසය කරගත්තෙ විහින්මයි.

ඊට පස්සෙ ඉතින් Farooqi ගෙ අවාසනාව, අත්දැකීම් අඩු කම Pressure handle කරගන්න ඒ වෙලාවෙ බැරි වීම කියන කාරණා එක්ක මැච් එක ඉවර උනා. ඔය හැම කෙනෙක් ට ම මතක් වෙන්න ඕන ඔය අන්තිම පාරවල් දෙක ගහපු පොඩි එකා tournament එකේ පලවෙනිම මැච් එකේ ඉන්දියාවට , කකුල් දෙකම එල්ලගෙන අන්තිම ට දාපු ඕවරේ. එහෙම හිතේ හයියක් තියෙන එකෙක් දේවල් ලේසියෙන් යන්න දෙන්නෙ නෑ. Naseem Shah , Farooqi ව ඉවර කරන්නෙ. ඒ දැඩි ආත්ම ශක්තියෙන් මිසක් වෙන දේකින් නෙවෙයි.

කොහොම හරි දැන් , අපියි, පකිස්තානෙයි final.

පකිස්තානෙ Asia Cup එන්නෙ Babar, Rizwan, Zaman තුන්දෙනාට batting responsability වැඩිපුර පවරලා Top heavy lineup එකක් එක්ක. ඒත් මේ වෙනකල් Babar , Zaman fire උනේ නෑ. Middle order brittle . Asif Ali 6 කිහිපයක් ගහයි, ඉතිරි ටික ban වෙයිද දන්නෙත් නෑනෙ .Shadab, Nawaz යම් ප්‍රමාණයක් reliable. ඉතින් ඔහොම cricket ගහන්න බෑ. ලංකාවෙ batting ඊට වඩා සෑහෙන්න ඉස්සරහින්. Rizwan ව මුලින්ම කඩාගත්තොත් Game Over. ඒක නිසා මට අනුව අපි මේ වෙනකොට ඉස්සරහින්. හැබැයි දිගටම ගහපු නැති උන් අපිට ම ගහන ඉතිහාසයක් තියෙන නිසා හදිසි වෙන්න එපා

චරිත දිසානායක (fb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy