රිචඩ් රමිරෙස් විසින් වතාවක් කියනවා අපි හැමෝටම ඝාතනය කිරීමේ හැකියාව නැත්නම් බලය තියෙනවා කියලා. හැබැයි බොහෝ දෙනෙක් ඒක පාවිච්චි කරන්න බය වෙන බවත්, ඒ බලය නැත්නම් හැකියාව පාලනය කරන්න පුළුවන් කෙනාට ජීවිතය පාලනය කරන්න පුළුවන් කියලත් රමිරෙස් කියනවා.
ඇත්තටම මේ කතාවේ වරදක් නැහැ කියලා හිතෙනවා, මොකද අපි සමාජය ඇතුළේ Survive වෙන්න නැත්නම් රැකිලා ඉන්න මොනවද නොකරන්නේ? ඝාතනයක් නොකළාට තව කෙනෙක්ව අභිබවා යන්න අනිවාර්යෙන්ම හිතනවා. අපි මනුස්සයෙක් නොමැරුවත් හිතින් මිනිස්සු කී දෙනෙක්ව ඝාතනය කරලා ඇතිද? රමිරෙස් කියන්නේ අන්න ඒ හැඟීම් එළියට ගන්න පුළුවන් කෙනාට ජීවිතය පාලනය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා.
අපි හැමෝම සිතිවිලිවලින් දාම ඝාතකයෝ, හැබැයි ඒ ඝාතන සැබෑවක් නොවන නිසා අපි අපරාධ කාරයෝ වෙන්නේ නැහැ. හැබැයි සිතිවිලි ඒ ඝාතනයන් සිදු කරන විදිහයි, ඇත්තම ජීවිතේ ඝාතන සිදුකරන අයවයි ගත්තාම වඩාත්ම දරුණු කෙනා වෙන්නේ සිතිවිලිවලින් පුද්ගලයින් මරා දාන කෙනයි. මොකද කිව්වොත් සැබෑ ජීවිතේ ඝාතකයාට කොහෙන් හරි තැනක නවතින්න වෙනවා. හැබැයි සිතිවිලිවලින් මිනිස්සු මරා දාන කෙනා සිය අවසානය වෙනකන් ඒ දේ ගෙනියනවා.
මේ රමිරෙස් ගැන කියනවා නම් ඔහු තමා ලෝක ප්‍රසිද්ධ දාම ඝාතකයෙකු වන “The Night Stalker” කියන්නේ. ඔහු පුද්ගලයින් 13 දෙනෙකු මරා දාලා තියෙනවා, තව ඝාතන 05කට උත්සාහ අරන් තියෙනවා. ඒ වගේම ලිංගික හිංසන 11ක්, කොල්ලකෑම් 14ක් කරලා තියෙනවා.
විනිසුරුවරයා රමිරෙස්ට දඬුවම් දෙන වෙලාවේ කියනවා රමිරෙස් කරපු අපරාධ මිනිසාගේ සිතීමේ පරාසයෙන් එහාට ගිය කෲරතම, දුෂ්ටතම, අනුකම්පා විරහිත ක්‍රියාවන් බවට. ඒ වගේම රමිරෙස්ට මරණ දඬුවම් 19ක් නියම කළ බවත් සඳහන්.
රමිරෙස් කරපු අපරාධ හඳුන්වන්න විනිසුරුවරයා කරපු ප්‍රකාශය අපිට ඇප්ලැයි කරලා බැලුවොත් අපේ සිත්වලින් වෙන ඝාතනයන්, ඒ මවා ගැනීම් අර කිව්ව විදිහටම දුෂ්ටතම, කෲරතම, අනුකම්පා විරහිත දේවල් වෙනවා නේද……….
සංජේ රණවක