ලොව මෙතෙක් හමු වූ වඩාත්ම බරැති අස්ථික මත්ස්‍යයා වාර්තා වෙයි

මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳව පළ කෙරෙන Journal of Fish Biology නම් ජර්නලය පසුගිය ඔක්තෝබර් 11වෙනි දින නවතම අධ්‍යයනයක ප්‍රතිඵල වාර්තා කර තිබෙනවා.

ඒ ලොව මෙතෙක් හමු වී ඇති වඩාත්ම බරැති අස්ථික මත්‍ස්‍යයා පිළිබඳවයි.

යෝධ සන්ෆිෂ් – Giant Sunfish ( Mola alexandrini ) නම් විශේෂයට අයත් මෙම මත්ස්‍යයාගේ මියගිය සිරුර පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස 9වෙනි දින සොයා ගත්තේ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි ඇසොරේස් ( Azores ) කොදෙව් නම් පෘතුගාල දූපත් සමූහයට අයත් Faial දූපතේ වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදීයි.

ඉන්පසුව මෙම සිරුර Atlantic Naturalist Association නම් සංරක්ෂණ හා පර්යේෂණ ආයතනය වෙත ගෙනෙනු ලැබුවා.
අඩි 12ක් එනම් මීටර් 3.6ක් උසැති සහ අඩි 11ක් එනම් මීටර් 3.5ක් දිගැති මෙම මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් 2,744ක් බව ඔවුන් අනාවරණය කළ බව ඉහත වාර්තාවේ දැක්වෙනවා.

මේ දක්වා ගීනස් ලෝක වාර්තා පොතේ සටහන්ව ඇති ලොව වඩාත්ම බරැති අස්ථික මත්ස්‍ය සිරුර ලෙස සටහන්ව ඇත්තේ 1996 වසරෙදි ජපානයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 2,300ක් බරැති යෝධ සන්ෆිෂ් මත්ස්‍යයායි.
නව සොයාගැනීමෙන් මෙම ගීනස් ලෝක වාර්තාව බිඳ වැටීමට නියමිතයි.

යෝධ සන්ෆිෂ් මසුන් කලකට ඉහත Mola mola නම් විශේෂයට අයත් සාගර සන්ෆිෂ් – Common Ocean Sunfush මසුන්ගේ අසාමාන්‍ය ලෙස විශාලව වැඩුණු සතුන් ලෙස වර්ගීකරණය කර තිබුණද, 2018 වසරේදී Ichthyological Reseach නම් ජර්නලයේ පළ කරන ලද අධ්‍යයනයකට අනුව ඔවුන් Mola alexandrini නම් වෙනම විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.
ලොව පෘෂ්ඨවංශී ගැහැණු සතුන්ගෙන් වරකට වැඩිම බිත්තර ගණනක් එනම් බිත්තර මිලියන 300ක් පමණ දමන සත්ව විශේෂය වන්නේ Mola mola විශේෂයේ සාගර සන්ෆිෂ් මත්ස්‍යයින් බව සොයාගෙන තිබෙනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...