පෝල් කියන්නේ නම් FIFA ලෝක කුසලානයේ එක්තරා ආකාරයේ සන්නාමයක් වෙලා හිටපු කෙනෙක්

FIFA ලෝක කුසලානයේ අමතකම නොවන චරිතයක් තමයි Paul the Octopus කියන්නේ.‍ මෙයා 2008 දී පළවෙනි පාරට කරළියට ඇවිල්ලා 2010 දී මුළු ලෝකයේම අවධානය දිනාගත්තා.

පෝල් මුලින්ම අයිති වෙලා තිබුණේ එංගලන්තයට වුණත් පස්සේ එයාව ජර්මනිය වෙත අරන් යනවා. එහේ දී තමා මුලින්ම පෝල් අනාවැකි කියන්න පටන් ගත්තේ.

මෙතනදී ‍ තරග කරන රටවල් දෙකේ ජාතික ධජය සහිත කුඩා පෙට්ටි දෙකකට ආහාර දාලා පෝල් හිටපු ටැංකිය ඇතුළට දානවා. ඊට පස්සේ පෝල් එතනින් එක පෙට්ටියකට තෝරා ගෙන ඒකේ තියෙන කෑම කෑවොත් ඒ පෙට්ටියේ තියෙන ධජය සහිත රට තමා ජයග්‍රහණය කරන්නේ කියලයි විශ්වාස කළේ.

මුලින්ම පෝල් අනාවැකි කියන්නේ 2008 යුරෝපියානු පාපන්දු කුසලානය අවස්ථාවේ දී. එතනදී පෝල් අනාවැකි 06ක් කියලා එතනින් 02ක් වැරදිලා 04ක් නිවැරදි වෙනවා. මෙතනදී නිවැරදි වූ අනාවැකි අතරින් අවසන් මහ තරගයේ දී ස්පාඤ්ඤය පරදා ජර්මනිය ජයග්‍රහණය කරනවා කියන එකත් තිබුණා.

ඉතින් බොහෝ දෙනෙක් හිතුවා 2010 පාපන්දු ලෝක කුසලානයේ දී ජර්මානු කණ්ඩායම ලෝකයේ අනිකුත් රටවලට ප්‍රබල අභියෝගයක් වෙයි කියලා.

2010 දී පෝල් නැවත පාපන්දු තරග ගැන අනාවැකි කියන්න පටන් ගන්නවා. එතනදී පෝල් අනාවැකි 08ක් කියන අතර ඒ අනාවැකි 08ම නිවැරදි වෙනවා.

පෝල් කියනවා ජර්මනිය සහභාගී වන මූලික වටයේ තරග 03ම ජර්මනිය ජයග්‍රහණය කරනවා කියලා. ඒ අනාවැකි 03ම හරි යනවා. ඊට පස්සේ 16 දෙනාගේ වටයේ දී එංගලන්තය පරදා ජර්මනිය ජයග්‍රහණය කරනවා කියලා කියනවා. ඒකත් හරි යනවා. ජර්මනිය ලෝක කුසලානය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරයි කියලා එදා නම් ගොඩාක් දෙනෙක් හිතුවා.
ඒ බලාපොරොත්තුව වැඩි කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාව පරාජයට පත් කරමින් ජර්මනිය ජයග්‍රහණය ලබාගන්නවා.

හැබැයි සේරම වෙනස් වෙනවා අවසන් පූර්ව තරගයේ දී. එදා පෝල් පළවෙනි වතාවට ජර්මනියේ පැත්ත ගන්නේ නැතුව ස්පාඤ්ඤයේ පැත්ත ගන්නවා. ඒ අනාවැකියත් සපථ වෙමින් අවසන් පූර්ව තරගයේ දී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරනවා.
අවසන් තරගයට තරඟ වදින්න නියමිත වෙලා හිටියේ නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය. මෙතනදී පෝල් ගන්නේ ස්පාඤ්ඤයේ පැත්ත. අවසන් තරගයේ අනාවැකියත් සාර්ථක කරමින් ස්පාඤ්ඤ 2010 දී ලෝක පාපන්දු ශූරයන් බවට පත් වෙනවා.
03 වන ස්ථානය සඳහා වන තරගයේ දී ජර්මනිය සහ උරුගු‍වේ තරගයෙන් ජර්මනිය ජයග්‍රහණය කරනවා කියලත් පෝල් අනාවැකි පළ කළා. ඒකත් සාර්ථක වුණා.

ඉතින් පෝල්ගේ අවසන් ලෝක කුසලාන අනාවැකිය වුණේ 2010 තරගය විතරයි. මොකද බූවල්ලෙක්ගේ සාමාන්‍ය ආයු කාලය සම්පුර්ණ කරමින් සිටි පෝල් 2010 ඔක්තොම්බර් 26 වනදා මිය යනවා.

ගොඩාක් අය විශ්වාස කළා පෝල් කියන්නේ අනාගතය දකින්න පුළුවන්, දිව්‍යමය බලයක් තියෙන සත්ත්වයෙක් විදිහට. හැබැයි පර්යේෂකයන් නම් කිව්වේ මේක සම්භාවිතාව, විය හැකියාව වගේ ගණිතමය කාරණයක් මත වුණු දෙයක් කියලා.
කොහොම වුණත් පෝල් කියන්නේ නම් FIFA ලෝක කුසලානයේ එක්තරා ආකාරයේ සන්නාමයක් වෙලා හිටපු කෙනෙක්.

සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...