ඊයේ ගුවන් නියමු අංජු කතිවාඩාත් මියයයි – “ඇත්තටම දෛවය මහ පුදුම දෙයක් නෙමෙයිද?”

දෛවය කියන්නේ මහ පුදුම දෙයක් කියලා හිතෙන්නේ සමහර සිදුවීම් එක්ක බැඳිලා තියෙන කතා කියවද්දී. හැමෝම දන්නවා ඇති නේපාලයේ ගුවන් යානයක් කඩා වැටිලා විශාල පිරිසක් මියගියා කියලා.

මේ ගුවන් යානය කඩා වැටෙන වෙලාවේ එහි සහාය නියමුවරිය විදිහට කටයුතු කළේ මේ පහළ ඡායාරූපයේ සිටින අංජු කතිවාඩා. ඇය 2010 දී තමා නියමුවරියක් ලෙස සේවයට එක්වෙන්නේ. වසර 12ක් වගේ ඇති එතකොට ඇයගේ පළපුරුද්ද. ගුවන් පැයවලින් කිව්වොත් පැය 6400ක්..අංජු ගුවන් සේවයට එකතු වෙන්නේ හරිම අපුරු විදිහකට. අංජුගේ සැමියා දීපක් පොක්රෙල්, ඇය සේවය කළ නේපාලයේ Yeti Airlines හී ම ගුවන් නියමුවෙකු ලෙස සේවය කළා.

දීපක් සේවය කරමින් සිටියේ DHC-6 Twin Otter ව‍ර්ගයේ ගුවන් යානයක නියමුවෙකු විදිහට. 2006 දී දීපක් නේපාලයේම ජුම්ලා වෙත පියාසැර කරමින් ඉන්න අවස්ථාවේ ගුවන් යානාව කඩා වැටිලා අවාසනාවන්ත ලෙස මිය යනවා.
සිය සැමියාගේ මරණයෙන් පස්සේ අංජු ජිවිතය අත අරින්න ලෑස්ති වුණේ නැහැ ඒ වෙනුවට ඇය සැමියාගේ මරණය නිසා රක්ෂණයෙන් හිමි වූ මුදලින් වැඩක් ගන්න හිතනවා. ඇය කරන්නේ සිය සැමියාගේ මඟ යමින් ගුවන් නියමුවරියක් වෙන්න ඉගෙන ගන්න එක.

ඉන් හරියටම වසර 16කට පස්සේ ඊයේ (15) දිනයේ දී ඇය ගමන් කරපු ATR 72 වර්ගයේ ගුවන් යානාව කඩා වැටිලා ඇයටත් දිවි අහිමි වෙනවා. ඒ නේපාල ඉතිහාසයේ දශක 03ක් තුළ සිදුවූ මාරාන්තිකම සහ ‍ඛේදජනකම ගුවන් අනතුර ඉතිහාසයට එකතු කරමින්.

“ඇත්තටම දෛවය මහ පුදුම දෙයක් නෙමෙයිද?”

සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...