සමහර චිත්තරූප සැබෑ දර්ශණයට වඩා ලස්සනයි

සමහර චිත්තරූප සැබෑ දර්ශණයට වඩා ලස්සනයි.
නමුත් අත්විඳින්න පුළුවන් මොහොතෙ දැනෙන හැඟීම් පින්තූරයකටවත් .. වීඩියෝ දර්ශනයකටවත් සම කරන්න බෑ.
ශකසෘණ අං හත අට දක්වා උශ්ණත්වය පහත වැටෙන … වටේම හිම වලින් පිරිල තියන.. නිහඬ තැනක රාත්‍රියක් ගත කරන එක ආගන්තුක අත්දැකීමක් නෙවෙයි.

කඳු උඩට පුරුදු වුනු මිනිස්සුන්ට… නැත්තං කඳු නගින්නන්ට පැහැදිලි අහසෙ තරු රටා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒ අය දන්නව ඉර බැහගෙන යන අහස මවන එලි ගැනත්… පැහැදිලි අහසෙ මහ වලහා.. කුඩා වලහා තරු රටා ඇඳෙන විදිහත්… පාන්දර අහස මවන මැජික් ගැනත්.

ඒත් පැහැදිලි අහසෙ තරු දිහා කූඩාරමක් ඇතුලෙ සැප පහසුවට ඇලවෙලා බලාගෙන ඉන්න එක වෙනම අත්දැකීමක්.
මිනිසා නිර්මාණය වෙන්නෙ තරු දූවිලි වලින්… අපි තරු දරුවෝ..
We are coming from the Stars…. We are the dust of the Stars.

කොහෙදෝ තැනක කියෙව්ව වගේ මතකයි. ඒ ගැන දැනෙන්න නම් කඳු උඩටම යන්න ඕනෙ.
මගේ වැයික්කියට ආපු උඹ කවුද කියල කුතුහලයෙන් බලන කඳුකර එළුවන්…
ඉඳල හිටල හිම අස්සෙන් එලියට එන මාමුට්ල …. ඉහල අහසෙ රටාවකට පියාඹන උකුස්සො හැමදේම කඳුවලට අයිති දේවල්.
ෆයිනස් අතුවලට බරවුනු හිම ඉඳල හිටල බිමට වැටෙන සද්දෙ… ඈතින් ඇහෙන රතු නරියෙක්ගෙ හඬ ඇරුනම.. අනිත් හැමදේම නිෂ්ශබ්දයි.

හැම කරදරයක්ම… හැම ගැටුමක්ම.. හැම හිත් රිදවීමක්ම තියෙන්නෙ ඈතින් පේන නගරයේ මිස උස් කඳු කලාප වල නෙවෙයි.
තමන්ගෙ හීන ලුහුබඳින මිනිසුන්… බලවත්ම නායකයන් වෙන්න දතකන තරුණයන්… ලෝකෙ වටේ සංචාරය කරන්න හීන දකින තරුණියන්.. තව කෙනෙක්ව රවට්ට්ල ඉහල නගින්න උත්සාහ කරන ශිෂ්‍යයන් මේ හැමෝම ඉන්නෙ පහලින් පේන නගරයේ.

සති අන්තයේ හිනා හඬ උතුරන අවන්හල්.. වීදුරු දිගේ උඩට නගින්න පොරකන බීර බුබුළු… රෙගේ සංගීතයට පාවෙන තරුණියො .. මේවත් අයිති නගරයටමයි.

හැම දේකින්ම ඈත්වෙලා කෙලවරක් නැති තරු රටා දිහා බලාගෙන ඉද්දි මම නැමැති ජීවියා කොයිතරම් කුඩාද… තනිද… දුර්වලද කියන එක ඉබේම දැනෙනව.

පුංචි ජෑස් සංගීතයක්… රතු දුඹුරු පාට විස්කි වීදුරුවක් … කෙලවරක් නැති අහසක් තරම් සුදුසු තවත් යමක් තියනවද තමන් එක්කම සංවාදයක කිමිදෙන්න.

මේ වගේ රෑක ඇල්ප්ස් කඳු දිගේ ඇවිත් සියොන් නගරයට රහසින්ම ලගාවුනු පිරිසක් ගැන කතාවක් මතක් වෙනව.
ඒ මිනිස්සුන්ට දැනුනු දේ ගැන අදහසක් ගන්න නම් මේ වගේ තැනකට එන්නම ඕනෙ.
කොයිතරම් නම් ලොකු කතාවක් ඇතිද ඒ මිනිස්සුන්ට කියන්න.
ඒක හරි වෙනස් අත්දැකීමක්.

බෙල්ල වටේ වූල් ෆුලාව ඔතාගෙන.. දිග හිම කබායත් ඇඳගෙන.. බූට් දෙකට කකුල් දෙක ඔබාගෙන පොඩ්ඩක් ඇවිදින්න එලියට යනවද …. තව පිටු දෙකක් තුනක් ලියල ඉවර කරනවද….. තැනින් තැන දිලිසෙන තරු යා කරල අළුත් රටාවක් අඳිනවද…. තීරණය කරන්න අමාරුයි.

පිටුවේ අංකය කීයද කවුද දන්නෙ.!

Malcolm Sang

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy