පින්ලන්තයේ ගෞරවනීයම රැකියාව කුමක්ද ? එරට අගමැතිකම ! නෑ ! පින්ලන්තයේ ගෞරවනීයම රැකියාව තමයි ගුරු වෘත්තිය.
පින්ලන්තය සිය අධ්‍යාපනයට තෝරගෙන තියෙන්නෙ තරගය නෙවෙයි සහයෝගීත්වයයි ලෝකය එරට හදුන්වන්නේ විස්මිත අධ්‍යාපනය ක්‍රමයක් ඇති රට කියලයි
පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගොඩනැගී ඇත්තේ මූලික සංකල්ප කිහිපයක් මතය
අධ්‍යාපනය මානව අයිතියකි.
තරගයක් නැත ඇත්තේ සහයෝගීතාවයයි
අත්හාදා බැලීමිවලට බිය විය යුතු නැත
පෙර පාසැල අද්වතීය විය යුතුය දරුවා විශ්වීය මිනිසෙක් කරන්නේ එයයි
ගුරුවරයාගේ වැඩ කොටස පුජනීය විය යුතුය
පින්ලන්තයේ සාක්ෂරතාවය 100% කි.ලෝකයේ දක්ෂතම ගුරුවරු වෙසෙන්නේ පින්ලන්තයේ බව කියවේ. 2003 දී පින්ලන්ත දරුවෝ ගණිතය, විද්‍යාව හා දෙවනි භාෂාවක් කියවීම අතින් ලොව ප්‍රථම ස්ථානය දිනාගත්තෝය.
පින්ලන්තයේ දරුවකු 1 වන ශ්‍රේණියට ඇතුල් කර ගන්නේ වයස අවු.7 න් පසුවය. එතෙක් දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලැබිය යුතුය. මෙම පෙර පාසැල් පවත්වාගෙන යන්නේද රජ යෙනි. එහිදී දරුවාට නිදහසේ පරිසරය හා එකතුවීමට ඉඩ ලබාදේ. එය වනාන්තර උද්‍යාන ගමිබද පලාත් මෙි ඔනෑම එකක් විය හැකිය. ඔහුගේ නීරීක්ෂණ ශක්තිය උපරිමයෙන් එහිදී අධ්‍යයනය කරන අතර දරුවාට ගෙදරදී කරගෙන එන පාඩමි හෝ අධ්‍යාපන කටයුතු ඉතාමත් ස්වල්පය. නැත්තටම නැති තරම්ය. ළමයා තම නිවසේදී අධ්‍යාපනයෙන් නිදහස්ව හා බැහැරව පවුලේ පුර්ණ සංතුෂ්ටිය විදිය යුතුය මක්නිසාද සැබෑ අධ්‍යාපනය යමෙක් ලබන්නේ සිය ජීවිතයෙනි .විශ්වීය මිනිසෙක් බිහිකිරීමමේ පළමු පියවර එයයි.
පින්ලන්තයේ පුද්ගලික අධ්‍යාපන කඩ නැත. සියලු අධ්‍යාපන ක්ෂේත්රයන් රාජ්‍ය අධ්‍යාපනය අමාත්‍යංශයට අයත්ය.
පෙර පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔවුහු 9 වැනි ශ්‍රේනිය දක්වා ඉගෙනගැනීම අනිවාර්යය. ඉන්පසු සිසුවාට තේරීම් 3 ක් ලබාදේ වැඩිදුර ශාස්ත්‍රීය අධ්‍යාපනය. කාර්මික අධ්‍යාපනය හෝ රැකියාවක් කිරීමේ අවස්ථාවක්.
මෙහිදී සමස්ථ ශිෂ්‍යයන්ගෙන් 55% ක් කාර්මික අධ්‍යාපනයද 40 % ක් ශාස්ත්‍රීය අධ්‍යාපනයද ඉතිරි 5% රැකියාවක්ද තෝරා ගනිත්. මේ කිසිදු අධ්‍යාපන ක්‍රියාවලියකට සිසුවා මුදල් පිළිබද කරදර විය යුතු නැත. ඔහුගේ උපාධිය දක්වා සියල්ල එරට රජය දරයි. රැකියාවක නියුතුව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් ව්යාපාරහිමියා සිසුවාට ඒ සදහා නිවාඩු සහ අධ්‍යාපන පිරිවැය අනිවාර්යෙන් දැරිය යුතුය. වෘත්තීය පුහුණුව වසර 3 කි. පුහුණුව අවසන්වු පසුව රැකියා ක්ෂේත්රය තුල ඕනෑවටත් වඩා පුරප්පාඩු පවතී. එබැවින් රැකියාවක් ගැන බියවිය යුතු නැත.
අවුරුදු 3 න් පටන්ගෙන වයස 18 වන තෙක් සියලු අධ්‍යාපන වියදම් සහ පහසුකම් රජය දරන රටක එකී අධ්‍යාපනය අවසන්වු පසු ඔවුනට රැකියා ක්ෂේත්රය විවෘත තැබිය යුතුයි සිතන ආණ්ඩු ඇති රටක ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කරන්නේ නැත.එබැවින් පින්ලන්තයේ ශිෂ්යඋද්ඝෝෂණ අවමය ඒවාද එක්කෝ හරිත ලෝකයක් වෙනුවෙනි නැත්නම් මානව අයිතීන් වෙනුවෙනි.
පින්ලන්තයේ ගෞරවනීයම රැකියාව ගුරු වෘත්තියයි. එයට මුලික සුදුසුකම උපාධියක් සහ ඊටත් පසු වසර 3 ක ගුරු අභ්‍යාස පුහුනුවයි. පින්ලන්තයේ ගුරු වෘත්තියට ඇත්තේ අසමාන තරගයකි . එය එතරම් ගරු කටයුතු පුජනීය තත්වයේ වෘත්තියකි. වසරකට දහස්ගණනක් අයදුම් කරුවන් අතරන් රජය තොරාගන්නේ ඉන් විශිෂ්ටතම 10% ක් පමණි
උපාලි ජයසිංහ