“අපි අපගේ ඔලිම්පික් පදක්කම් ගංගා නදියේ ගිල්වා දමන්නෙමු ‘‘

“අපි අපගේ ඔලිම්පික් පදක්කම් ගංගා නදියේ ගිල්වා දමන්නෙමු ‘‘-Vinesh Phogat ඔලිම්පික් පදක්කම් දරන්නිය ඉන්දියාව

එය දූෂකයෙකුට එරෙහිව දැවන්න කාන්තා සටනකි සටනේ ඉදිරියෙන්ම සිටින්නේ ඔලිම්පික් පදක්කමි ලෝක ශූරතා සහ ආසියානු ූශුරතා දිනාගත් ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩිකාවන්ය.

ලිංගික හිරිහැර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ කාන්තා මල්ලව පොර සංගමයේ සභාපති බ්‍රිජ් භූෂන් ෂරන් සිංය හේ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රබල මන්ත්‍රී වරයෙක් මෙන්ම පාලක නරේන්ද්‍ර මෝදිගේ ගජයෙකි.
ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන ආන්දෝලනාත්මක චරිතය. ඉන්දියාවේ නව පාර්ලිමේන්තුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූයේ ගොඩනැගිල්ලෙන් පිටත සිටින තමාගේ පින්තූරයක් ෆේස්බුක් හි පළ කරමිනි.

ඔහු ලිංගික අතවර කිරීම් පිළිබඳ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, එම ඉල්ලීම සඳහා පොලිසියට සාක්ෂි ලබා නොදී, විරෝධතා පිටුපස විරුද්ධ පක්ෂ සිටින බවට චෝදනා කරමින්, මල්ලවපොර ක්‍රීඩකයින් දේශපාලන ක්‍රීඩාවක් කරන බවට
චෝදනා කළේය.

අප්‍රේල් මාසයේදී, රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විරෝධතා සහ මැදිහත්වීමෙන් පසුව, දිල්ලි පොලිසිය සිංට එරෙහිව බාලවයස්කාර දැරියකට ලිංගික හිරිහැර කිරීම ඇතුළු නඩු දෙකක් ලියාපදිංචි කළේය. එහෙත් පොලිසිය මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත්තේ නැත.
“බ්‍රිජ් භූෂාන්ට එරෙහිව (නඩුවක්) ලියාපදිංචි කිරීමට දිල්ලි පොලිසියට දින 7ක් ගතවේ… සාමකාමීව විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් අපට එරෙහිව (නඩුවක්) ලියාපදිංචි කිරීමට පැය 7ක්වත් ගත වූයේ නැත,” ලෝක මළල ශුරතා පදක්කම් ලාභිනයකවු සාක්ෂි මලික් ලිවීය. “මේ රටේ ඒකාධිපති පාලනයක් පටන් අරන්ද? රජය තම ක්‍රීඩකයන්ට සලකන ආකාරය මුළු ලෝකයම බලාගෙන ඉන්නවා ‘‘

ඒ අතර ඔහුව අත්අඩංගුවට ගන්නැයි විරෝධතා දක්වන මල්ලවපොර ක්‍රීඩකයින් පවසන්නේ ඔවුන් තම පදක්කම් ගංගාවේ ගිල්වා දමන බවයි. ඒ අනුව මල්ලවපොර ක්‍රීඩකාවන් මැයි 27 සවස 6 ට හරිද්වාර් හි හර් කි පෞරි වෙත පැමිණ ඇත්තේ ඔවුන්ගේ පදක්කම් ගංගාවේ ගිල්වාලීම සඳහා ය. ඔවුන් වටකරගත් විශාල ජනකායක් සහ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් පැය එකහමාරකට වැඩි කාලයක් එම ස්ථානයේ රැඳී සිටියහ. ගං ඉවුරේ ඔවුනොවුන්ගේ පදක්කම් අතැතිව ශෝකයෙන් හිස්නවා හිඳගෙන. පොලිසිය ඔවුන්ගේ ඉල්ලීම ඉටුකරන බැව් පැවසූ විට විරෝධතාකරුවන් දිල්ලියේ වින්ගේට් වෙත පැමිණියහ.

දිල්ලි පොලිසිය අඟහරුවාදා ප්‍රකාශ කළේ මල්ලවපොර ක්‍රීඩකයින්ට ඉන්දියා ගේට් හි විරෝධතා දැක්වීමට ඉඩ නොදෙන අතර එය “ජාතික ස්මාරකයක් මිස පෙලපාලි සඳහා ස්ථානයක් නොවන” බවය.
එවිට ඔලිම්පික් පදක්කම් දිනාගත් වින්ගේෂ් පොගාට් පවසා තිබුනේ ‘‘ඉන්දියා ගේට් එක රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ ස්ථානයයි. අපි ඔවුන් තරම් ශුද්ධ නොවෙමු, නමුත් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරන විට අපගේ හැඟීම් එම සොල්දාදුවන්ට සමානයි” යනුවෙනි. අනතුරුව ඔවුහු නරේන්ද්‍ර මෝදි නව පාර්ලිමේන්තුව විවෘතකරනදා, මල්ලවපොර ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ‘මහාපංචායට්’ නැමැති නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට ගමන් කිරීමට පෙර ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමූවෝය. එහෙත් ජන්තර් මන්තාර් හි විරෝධතා භූමියේ නාට්‍යමය දර්ශනය දිග හැරෙන විට, පසුගිය ඉරිදා දිල්ලි පොලිසිය, ලෝක ශූරතා ලෝකඩ ජයග්‍රාහක විනේෂ් ෆොගට් සහ තවත් ඔලිම්පික් පදක්කම්ලාභීනියන් වන බජ්රංග් පුනියා සමඟ ම අත්අඩංගුවට ගත් අතර පසුව නීතිය හා සාමය කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව FIR ගොනු කළේය.

උපාලි ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී එෂාන් මාලිංගට සුපිරි මිලක්

IPL ක්‍රීඩක වෙන්දේසියේ මට අනුව සුපිරි මිලට ගැනීම එෂාන්...

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...