කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මිහිදන්කිරීමේ සිමා ලිහිල් කරමින් මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වළදැමීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී තිබෙනවා.
මෙම අවසර ලබාදීමට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(04) නිකුත් කළා.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍යට ප්‍රකාශ කළා.