“වරාය නගරයට එන්න සල්ලි ගන්නේ නෑ”

වරාය නගරයට මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව ඇතුළු විය හැකි බවත් එහි ආයෝජනය කිරිමටත් ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමත් අවස්ථාව පවතින බවත් වරාය නගර ආර්තික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ඊයේ (04) සඳහන් කළේය.

“වරාය නගරය සහ අනාගත ආර්ථිකය” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරීම් මේ වසර අග වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු කිරීමේ හැකියාව ඇති බවත්, මේ වන විට මූල්‍ය කළමණාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචි කිරීම් සහ අදාළ නිති රෙගුලාසි සම්පූර්ණ කර ඇති බවත් පවසයි.

මුදල් විශුද්ධීකරණයට කොළඹ වරාය නගරයේ දී කිසිදු ඉඩක් නොමැති අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් එහි ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන බවත් ලේකම්වරයා සදහන් කළේය.

වරාය නගරයෙහි එකම අරමුණ වාණීජ්‍ය සහ වෙළෙද කටයුතු පමණක් බවත්, මෙමගින් මෙරට ආර්ථිකය වෙනස් කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත් ඔහු සදහන් කළේය.

ඡායාරුප- ෂෙහාන් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...