මොලය හා දෑස් රහිතවම දැවීගිය මහා පුරුෂයා ඇල්බටි අයින්ස්ටයින්

ඇල්බටි අයින්ස්ටයින් මිය ගිය පසුව ඔහුගේ මොළය හෝ ශරීරය අධ්‍යයනය කිරීමට අවශ්‍ය නැති බවත් ; ඔහුට නමස්කාර කිරීමට අවශ්‍ය නැති බවත්. “පිළිම වන්දනාමාන කරන්නන් අධෛර්යමත් කිරීම සඳහාත් අයිස්ටයින් දේහය පිළිබඳ නිශ්චිත උපදෙස් මත දේහය අප්‍රේල් 20 දින නිව් ජර්සි හි ට්‍රෙන්ටන්හිදී ආදාහනය කර, අළු රහසිගතව විසුරුවා හැරියේය” යනුවෙන් බ්‍රයන් බෙරෙල් සිය 2005, Postcards from the Brain Museum නැමති පොතේ සටහන් කරයි.

එහෙත් 1955 අප්‍රේල් 18 දින ප්‍රින්ස්ටන් රෝහලේදී ඔහු මිය ගොස් පළමු පැයේදීම එහි සිටි රෝග විද්‍යාඥ තෝමස් හාවි අයින්ස්ටයින්ගේ මොළය සොරකම් කළේය. තෝමස් හාවි අයින්ස්ටයින්ගේ මොළය පමණක් නොව අක්ෂි විශේෂඥයකු ලවා මෙි මහා මිනිසාගේ දෑස්ද සොරකමි කොට තිබිණි.

සිය පියා ආදහනය කරන මොහොතේ.අයින්ස්ටයින්ගේ පුත්‍රයා හෑන්ස් ඇල්බට් අයින්ස්ටයින් මෙය දැනගත්විට කෝපයට පත් වූ අතර, පසුව භෞතික විද්‍යාඥයාගේ දක්ෂතාව පැමිණියේ කායික වශයෙන් වෙනස් මොළයකින් දැයි හඳුනා ගැනීමට අවශ්‍ය පර්යේෂන සදහා මොළය ලග තබා ගැනීමටත් එම අධ්‍යයනයන් උසස් විද්‍යාත්මක සඟරා වල ප්‍රකාශයට පත් කළ යුතු බවටත් පුර්ණ කොන්දේසියකට යටත්ව ඔහු තෝමස් හාවි ඒ සදහා අවසර දුන්නේය. දශක ගණනාවක් තිස්සේ පැවති එම පරීක්ෂන සහ සමහර ආන්දෝලනාත්මක ප්‍රතිඵල හෙළිදරව් කර ඇත- ඒවාට වියදිමි දැරුවෙි බොහෝවිට අයින්ස්ටයින්ගේ පවු ලේ වියදමින් බව සදහන්ය.

The Bizarre Odyssey of Einstein’s Brain, කෘතියේ කර්තෘ කැරොලින් ඒබ්‍රහම්ට අනුව, හාවි “එම මොළය මත විශාල වෘත්තීය බලාපොරොත්තු තබා තිබුණා” යැයි විශ්වාස කළ අතර ඉන්ද්‍රිය වෛද්‍ය විද්‍යාවේ සිය වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යා හැකි යැයි සිතන්නට ඇත.

මෙි කූට වෛද්‍යවරයා විද්‍යඥයාගේ මොළය කිරා බැලු අතර ඉතා සියුම් ලෙස ලේඛන ගත කර ඡායාරූප ගත කළේය. එය ග්‍රෑම් 1,230 ක් බරැති අතර අයින්ස්ටයින්ගේ වයසේ පිරිමින්ගේ සාමාන්‍යයට වඩා සැහැල්ලු බව වාර්තා විය. ඉන්පසු ඔහු මොළය හරස් අතට කැබලි 240 කට කපා ඡායාරූප ගත කළ අතර එසේ කිරීමේ සිය අරමුණ තනිකරම විද්‍යාත්මක බව හාවි අවධාරණය කළ අතර කුතුහලය දනවන පර්යේෂකයන්ට එහි කොටස් ලබා දීමේ උත්සාහයක් ලෙස ඔහු සමහර මොළ කැබැලි විකුනා දැමුවෙිය. එක්සත් ජනපද හමුදාව පවා කපටි රෝග විශේෂඥයාගෙන් මෙම සාම්පල ලබා ගත්හ.
හාවි ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය කෙරෙහි දැක්වූ දැඩි ඇල්ම නිසා ඔහුට ප්‍රින්ස්ටන් රෝහලේ සිය රැකියාවද වෛද්‍ය බලපත්‍රය සහ විවාහයද අහිමි විය.
අයින්ස්ටයින්ගේ මොළය පිළිබඳ පළමු අධ්‍යයනය හේ 1985 දී ප්‍රකාශයට පත් කලේය. මතභේදයට තුඩු දුන් ප්‍රතිඵල සමඟ.

Experimental Neurology සගරාවෙි ප්‍රකාශයට පත් කරන ලද ඇල්බට් අයින්ස්ටයින්ගේ සොරකම් කරන ලද මොළය පිළිබඳ පළමු අධ්‍යයනයෙන් හෙළි වූයේ එය සාමාන්‍යයෙන් සාමාන්‍ය මොළයට වඩා භෞතික වශයෙන් වෙනස් ලෙස පෙනුන බවයි. අයින්ස්ටයින්ගේ මෙළයේ නියුරෝන ඔක්සිජන් කර තබා ගැනීම සහ ක්‍රියාකාරී වීම සඳහා එම සාමාන්‍යයා තුළ සාමාන්‍යයට වඩා ඉහළ ග්ලියල් සෛල ප්‍රමාණයක් තිබූ බව වාර්තා වේ.

1996 දී බර්මින්හැම්හි ඇලබාමා විශ්ව විද්‍යාලයෙන් පසුව කරන ලද අධ්‍යයනයකින් තහවුරු වූයේ මෙම නියුරෝන වෙනත් මොළයකට සාපේක්ෂව වඩා තදින් ඇසුරුම් කර ඇති අතර එමඟින් තොරතුරු වේගයෙන් සැකසීමට ඉඩ සැලසෙන බවයි.

වසර තුනකට පසු, හාවිගේ ඡායාරූප පිළිබඳ තුන්වන අධ්‍යයනයෙන් තහවුරු වූයේ අයින්ස්ටයින්ගේ inferior parietal lobule සාමාන්‍යයට වඩා පුළුල් වූ අතර එමඟින් ඔහු බොහෝ දෙනෙකුට ඉදිරයෙන් දෘශ්‍ය චින්තකයෙකු විය හැකි බවයි

ඉතා මෑතකදී, 2012 අධ්‍යයනයකින් කියැවුණේ අයින්ස්ටයින්ගේ මොළයේ සැලැස්ම සැකසීම හා මතකය හා සම්බන්ධ ප්‍රදේශයේදී එහි ඉදිරිපස මැද කොටසේ අමතර කඳු මුදුනක් මෙන් ඉහලට ඇති බවයි.

අවසානයේදී, තෝමස් හාවි අයිස්ටයින්ගේ මොළයේ විශේෂතා පිළිබඳ එම ඉන්ද්‍රියයේ විනිවිදක වෛද්‍ය ආයතන සඳහා පරිත්‍යාග කරන ලදී 2007 දී තෝමස් හාවි ඔහුගේ මරණයට පෙර, අයින්ස්ටයින්ගේ මොළයේ ඉතිරි කොටස් ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කළ අතර ෆිලඩෙල්ෆියාගේ Mütter කෞතුකාගාරයේ සාම්පල අද දක්වාම ප්‍රදර්ශනය කෙරේ.

ප්‍රදීප් පීරිස්

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy