ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඒ, තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගනිමින්. මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදීම ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්. තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලකුණු 79කින් ජයගත් අතර දෙවන තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජය ගත්තා. දෙපිල අතර පැවති තීරණාත්මක තුන්වන සහ අවසන් 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක සුපිරි ජයක් හිමිවුණා. චමරි අතපත්තු ලකුණු 73ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

චමරිගේ විශිෂ්ට නායකත්වයෙන් යුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශීඝ්‍ර දියුණුවක් ලබමින් මෑත කාලය පුරාවට විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලක්මවට උරුම කර දෙනු ලැබුවා. චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු අනුශූරතාවයට හිමිකම් කියනු ලැබුවා. එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී 20යි 20 තරගාවලියක් ජය ගත්තා. ඊට අමතරව නවසීලන්තයට එරෙහිව 20යි 20 තරගයක් ජය ගැනීමට සමත් වුණා. ඒ වගේම එම සංචාරයේදී නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමටත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙනවා.

ජයග්‍රහණ නොමැතිව කාගේත් අවධානයක් නොමැතිව තිබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන දැන් හැමෝම කතා කරන තැනට ඔසවා තැබූ නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකාවන්ටත් පුහුණු කාර්යමණ්ඩලයටත්, තේරීම් කමිටුවටත් අපගේ ප්‍රණාමය..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...