දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයට

නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. දිමුත් හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානය මෙය වෙයි. 2019 වසර්දී දිමුත් එහි 6 වැනි ස්ථානයට පත් විය.

පසුගුයදා ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට පෙර ටෙස්ට් පිතිකරුවන් ලයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසුවූ දිමුත්ට, එම තරගයේදී ලබාගත් ශතකය හේතුවෙන් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 3 ක් ඉහළට පැමිණීමේ අවස්ථාව හිමිකර ගත්තේය. මේ වන විට දිමුත් ශ්‍රේණිගත ලකුණු 781 ක් ලබා සිටින අතර එය සිය ක්‍රීඩා දිවිය තුළ දිමුත් ලබා ඇති ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද වෙයි.

දිමුත් කරුණාරත්න ලකුණු 55.5 ක සාමාන්‍යයක් රඳවාගනිමින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග 4 කට ක්‍රීඩා කර ඇති දිමුත් එහිදී ඉනිම් 8 ක් තුළ ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 444 ක් රැස්කිරීමට සමත්වවිය.

මේ අතර දිගින් දිගටම පිතිකරුවකු ලෙස අසාර්ථක වූ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි පියවර 4 ක් පසුබසිමින් ශ්‍රේණිගතකිරීම්හි 9 වැනි ස්ථානයට පත්ව ඇත. ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ඔහු ශ්‍රේණිගතකිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...