සෞදි අරාබිය එක තැන එක වර 81 දෙනෙකුගේ හිස් ගසා දැමෙයි

යුක්‍රේනයේ ඇවිළෙන යුද ගින්දර ගැන මුළු ලෝකයම ඇස් කන් අයාගෙන සිටිද්දී සෞදි අරාබිය තුළ මහා මිනිස් ඝාතනයක් සිදු වී තිබේ. විවිධ වැරදි සම්බන්ධයෙන් සිරගතකර සිටි සිරකරුවන් 81දෙනෙකුට එක් දිනක් තුළ මරණ දඬුවම් පැමිණවූ බව 12 වන දා සෞදි රූපවාහිනිය වාර්තා කළා. සෞදි අරාබිය තුළ මරණ දඬුවම් පමුණුවන්නේ හිස ගසා දැමීමෙනි.

2021දී සිරකරුවන් 67 ක්, 2020දී 27ක්, 2019 දී 37ක්,2016 දී 47ක් වශයෙන් සෞදි අරාබිය විසින් මීට ඉහතදී මෙලෙසම එකවර මරණ දඩුවම් ලබා දී තිබේ. 1980 දී මක්කම පල්ලියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි 63 දෙනෙකුට ද සමූහ මරණ දඬුවම් ලබා දුන්නා.

නමුත් 12 වන දා වාර්තා වූ සිදුවීම නූතන ඉතිහාසයේ අරාබි රටක සිදුවූ විශාලතම (නීතිගත)සමූහ ඝාතනය ලෙස විස්වාස කෙරේ..

හිස් ගසා දැමීමට ලක්වූවන් අතර IS, අල්කයිඩා හා හූති ත්‍රස්තවාදී සාමාජිකයන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. සෞදි අරාබියට ප්‍රහාරයක් සිදුකිරීමේ අරමුණින් අවි ජාවාරම්වල නිරත වූ සෞදි, සිරියානු හා යේමන ජාතිකයන් මේ පිරිසට අයත් වු බව ද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

සෞදි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ත්‍රස්තවාදීන්ට අමතරව මිත්‍යාදෘෂ්ඨික චෝදනා එල්ල වූ සිරකරුවන් ද මෙලෙස ඝාතනයට ලක්වූ පිරිසට අයත්. මෙයින් 41 දෙනෙකුම ෂියා මුස්ලිම්වරුන් බවද පැවසෙනවා. රජය පවසන්නේ ඔවුන් සාතන්ගේ අඩිපාරේ ගිය බවයි.

Amnesty International ආයතනය 2020 දී සකස් කළ වාර්තාවකට අනුව මරණ දඬුවම් පැමිණවූ සිරකරුවන්ගේ සංඛ්‍යාව අනුව සෞදි අරාබිය ලෝකයේ 5වන ස්ථානයේ පසුවෙනවා. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන හිමිකරගෙන ඇත්තේ පිළිවෙලින් චීනය, ඉරානය, ඊජිප්තුව හා ඉරාකයයි. චීනයේ මරණ දඬුවමට ලක්වන්නන් පිළිබඳව වාර්තා නොවන අතර Amnesty International මතය අනුව එකී ප්‍රමාණය දහස් ගණනක් විය හැකි බවයි.

– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...