ඇමරිකානූ පරිසර විද්‍යා සංගමය මගින් පළ කරන Ecology නම් ජර්නලයේ පසුගිය ජූලි 19 වෙනි දින කලාපය අපූරු තොරතුරක් අනාවරණය කරනව.
එය නම් මිහි මත සිටින විශාලතම සර්වභක්ෂක සත්වයා සාගරයේ වෙසෙන තල්මස් මෝරා නම් මත්ස්‍යයා ( Rhincodon typus ) බවයි.
එපමණක් නොව ලොව සාගර වල වෙසෙන විශාලතම මත්ස්‍යයා වන්නේද තල්මස් මෝරා බව රහසක් නොවෙයි.
ඒ අනුව ලොව මෝරුන් විශේෂ වලින් ද විශාලම මෝර විශේෂය වන තල්මස් මෝරා අඩි 40ක් දක්වා දිගට වැඩෙන අතර මෙට්‍රික් ටොන් 36ක පමණ බරක් ද වසර 60 — 100 පමණ ආයු කාලයක් ද දරනව.
ඉහත සොයාගැනීමත් සමග ලොව විශාලම සර්වභක්ෂකයා ලෙස මෙතෙක් සිතා සිටි කෝඩියැක් වලසා ට ( Ursus arctos middendorffi ) හිමිව තිබූ ස්ථානය තල්මස් මෝරා හට හිමි වෙනව.
මසුන් සහ ඉස්සන් වැනි ක්රස්ටේෂියාවන් මෙන්ම මුහුදු පැලෑටි හා ඇල්ගී ද තල්මස් මෝරා විසින් ආහාරයට ගන්නව.
ප්‍රේමශාන්ත කුමාරසිරි