ජනප්රිය හොලිවුඩ් නළුවෙක් මෙන්ම නිහතමානී, ඉතාමත් සරළ ජීවිතයක් ගතකරන ඇමරිකානු පුරවැසියෙක් ලෙස ලෝක ප්රසිද්ධියක් ලබා සිටින කීනු රීව්ස්ගේ වයස දැන් අවුරුදු 55ක්…
එක්තරා දිනයක ඔහු ඇමරිකාවේ එක්තරා වීදියක ගමන් කරමින් සිටින විට ඔහු, ඔහුගේ මෙම පින්තූරය රැගෙන පහත සඳහන් සිත්ගන්නා සුළු පණිවිඩයත් සමඟ මෙසේ පළකර තිබුණා…
“මගේ පිටුපසින් ඇවිදින මිනිසුන් දෙස පොඩ්ඩක් බලන්න… ඔවුන් ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු වලට ඉක්මනින් එහාට මෙහාට හදීසියේ දුවමින් යන අතර වටපිටාවේ වෙන කිසිම දෙයකට ඔවුන් අවධානයක් යොමු නොකරනවා… බලන්න සමහර වෙලාවට අපි, අපේ එදිනෙදා ජීවිතයට කොයිතරම් දරුණු විදියට ගොදුරු වෙලා ඉන්නවාද කියනවානම්, අපේ ජීවිතයේ කිසිම සුන්දරත්වය භුක්ති විඳීමට කාලයක් ඉතිරි කරගන්නටවත් ඒ වගේ සුන්දරත්වයක් ගත කිරීමටවත් අපට අමතක වෙලා තියෙනවා… හරියටම ඒක මොන වගේද කියනවානම්, අපි දැන් සොම්බීස්ලා වගේ වෙලා…
පොඩ්ඩක් ඔළුව උස්සලා බලන්න… ඔබේ ජංගම දුරකථනයෙන් පොඩ්ඩක් මිදෙන්න… කණට දමාගෙන ඉන්න ඉයර්ෆෝන් දෙක මදකට ගලවා දමන්න… ඉදිරියෙන් එන, ඉදිරියෙන් ඔබට හමුවන, ඔබ දකින කෙනෙකුට හායි කියන්න, දුකෙන්, යම්කිසි ගැටළුවකට මුහුණදී සිටින කෙනෙකු දුටුවොත් ඔවුන් සමඟ කතා කරන්න, ඔවුන්ව වැළඳ ගන්න… ඔබට පුළුවන් විදියකට යමෙකුට උදව් කරන්න…
මිනිසුන් මගේ ගැන නොදන්නා, මගේ ජීවිතය ගැන මම නොකියූ රහසක් තියෙනවා… මමත් මීට වසර කිහිපයකට පෙර මානසික අවපීඩනයෙන් ජීවත්වුනු මිනිහෙක්… මම කවදාවත්, කාටවත් ඒ ගැන කිව්වේ නැහැ… මට තිබුණු මානසික අවපීඩනයෙන් මිදෙන්න මට තනියෙම සටන් කරන්නට සිදුවුනා…
මගේ සතුටින් මාව වළක්වා මාව දුකට පත් කරවන පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි ඒ මම මයි… අපි ගෙවන සෑම දිනකමක්ම අපිට වැදගත්.., ඒ නිසා ඒ දවස අපි සතුටින් ගත කරමු… හෙට දිනයක් අපිට තියෙයිද කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද..? ඒ නිසා අද අපි හොඳින් ජීවත්වෙමු..! මෙම නිවාඩු කාළය තුළ ආදරය, සෙනෙහස පැතිරවීම සඳහා ඔබ මගේ මෙම ලිපිය ඔබ සැම බෙදාගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි… ”
… මම කීනු රීව්ස්
– ධම්මික සමරතුංග