වඳුරෙකු සිය පැටවා සමඟ සිටියදී දිවියෙකු අල්ලා ගැනීමෙන් පසු මංමුලා සහගත වඳුරෙකු තම මවගේ ශරීරය මත එල්ලී සිටින හද කම්පා කරවන අවස්ථාවකි. සැම්බියාවේ දකුණු ලුආන්ග්වා ජාතික වනෝද්‍යානයේදී මෙම දර්ශනය ඡායාරූපයට හසුවී තිබේ. 23 හැවිරිදි වනජීවී ඡායාරූප ශිල්පී ෂෆීක් මුල්ලා (Shafeeq Mulla) මෙම අදහාගත නොහැකි කතාව සොයාගන්න ලදී.
“මේ දිවියාට තරමක් වයසයි, ටැටූ කියලා තරුණ පැටියෙක් ඉන්නවා. ඇය පිළිබඳව වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය කර ඇති අතර එය NatGeo හි Leopard Legacy ලෙස හැඳින්වේ. ඔලිම්බා නම් මෙම දිවියා මිය ගිය වර්වෙට් වඳුරා සහ ඇගේ පැටවා නැවත ඇගේ කුඩා දිවි පැටවා වෙත රැගෙන ගියාය. අවසානයේ කනගාටුදායක ලෙස – මිනිත්තු කිහිපයක් එය සමඟ සෙල්ලම් කිරීමෙන් පසු වඳුරු පැටවා ද දිවි පැටවා විසින් මරා දමන ලදී.