“2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන”

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව 65 වන වරටත් සංවිධානය කෙරුණු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී “රාජ්‍ය සාහිත්‍ය සම්මාන” 40ක් සහ “සාහිත්‍ය රත්න” සම්මාන 03ක් පිරිනැමිණි.

කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු (සිංහල මධ්‍යය) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර (ඉංග්‍රීසි මාධ්‍ය) ටී.ඥානසේකරන් (දෙමළ මාධ්‍ය) යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා අතින් පිදුම් ලැබූහ.

මෙහිදී හොඳම ස්වතන්ත්‍ර නවකතාව (සිංහල) ලෙස එරික් ඉලයප්ආරච්චි මහතාගේ “නකුල මුනි” නවකතාවද, ඉංග්‍රීසි නවකතාව ලෙස ප්‍රේමිනි අමරසිංහ මහත්මියගේ “Footprints” නවකතාව ද, දෙමළ නවකතාව ලෙස සිවලිංගම් ආරූරන් මහතා විසින් රචිත “ආදුරසාලයි” නවකතාව සම්මානයට පාත්‍ර විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...