‘රහස් කියන කඳු’ යනු, ‘වැලිකතර’ මට්ටමේ වැඩකි

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ මෑතකදී මා නැරඹූ විශිෂ්ට ම චිත්‍රපටයකි.
මාස කීපයකට කලින් විශේෂ දර්ශනයකදී එය නැරඹූ පසු මට හැඟුණේ, අපට පෙර පරම්පරාවල සිනමා වැඩකාරයන් සමග එක පෙළට සිටගන්නට හැකි සලකුණක් අපේ පරම්පරාව වෙනුවෙන් ‘ජගා’ තබා ඇති බවයි.
සිනමා රසිකයෙක් ලෙස මගේ අදහස නම්, ‘රහස් කියන කඳු’ යනු, ‘වැලිකතර’ මට්ටමේ වැඩකි.
මට දැනෙන සිනමාව එහි තිබේ.
රාජ්‍යයේ නරුමත්වය සිනමාවේ සිතුවම් කිරීමට ජගා සමත් වී ඇත. එහි තිර රචනයෙන් ජගත් මනුවර්ණ සමග නාමල් ජයසිංහ අපගේ මොළයත් හදවතත් කම්පනය කර ඇත.
ප්‍රියන්ත සිරිකුමාර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස් මෙහි පෙන්වන රංගන ප්‍රතිභාව කෙතරම් ද යන්න මෙරට පොදු ප්‍රේක්ෂකයා ඉක්මනින් නැරඹිය යුතු ය. ලක්මාල් ධර්මරත්නගේ සහ සිසිර තඩිකාරගේ රංගනය ඔබ නැරඹිය යුතු ම ය.
ජාත්‍යන්තර සිනමා ඇගයුම් ලබමින් සිටින ‘රහස් කියන කඳු’ , ලංකා සිනමාවේ නිශ්චිත දේශපාලන සලකුණක් තබනු සැක නැත.
මේ අසම්පූර්ණ කෙටි සටහන, ‘රහස් කියන කඳු’ කණ්ඩායම වෙත පිදෙන සම්පූර්ණ සුබ පැතුමකි !

විමල් කැටිපෙආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...