මුළු ලෝකයේම පැවැත්ම තීරණය කරන ජනාධිපති මැතිවරණයක් ගැන දන්නවද?

ලෝකයේම දේශගුණික විපර්යාස ඒ වගේම වායු ගෝලයේ සංයුතියටත් යම් බලපෑමක් කරන්න හැකි පරිසර පද්ධතියක් තමයි ඇමෙසන් වනාන්තරය කියන්නේ. ලෝකයේ ඔක්සිජන් නිෂ්පාදනය වැඩිම වශයෙන් කරන්නේ සාගරය තුළ තිබෙන ජලජ පැළැටි. ඊට පස්සේ තමා මේ මහ දැවැන්ත පරිසර පද්ධතියන් තියෙන්නේ.

ඇස්තමේන්තු ගත කරලා තියෙන විදිහට පෘථිවියේ ඔක්සිජන් නිෂ්පාදනයෙන් ඇමෙසන් වනාන්තරය 09%ක් පමණ නිපදවනවා. ඒ වගේම පෘථිවි වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්න අතිශයෙන්ම වැදගත් වනාන්තර පද්ධතියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මිල කළ නොහැකි ජෛව විවිධත්වය සහ සමහර ශාක වර්ගවල තියෙන ඖෂධීය වටිනාකම කියන දේවල් මේ වනාන්තරයේ වටිනාකම ඉහළ දාන්න සමත් වෙලා තියෙනවා. මේ පරිසර පද්ධතිය විනාශ වෙලා ගියොත් සමහර විට ලෝකයේ සමතුලිතතාවයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.
දැන් ඇයි ජනාධිපතිවරණයක් සහ මේ වනාන්තරයට තියෙන සම්බන්ධය..? කියන ප්‍රශ්නය ඕන කෙනෙකුට ඇවිල්ලා ඇති.

බ්‍රසීලයේ වත්මන් ජනාධිපතිවරයා වන දක්ෂිණාංශික දේශපාලනඥයෙකු ද වන ජෙයාර් බොල්සොනාරෝගේ ධූර කාලය අවසන් වී ගෙන යනවා. ඒ නිසාම බ්‍රසීලය මේ වෙද්දී ජනාධිපතිවරණයකට සැරසෙමින් සිටිනවා.

බොල්සොනාරෝගේ කාලයේ දී තමා මේ මහ වනයේ දැවැන්ත ගින්නක් ඇතිවුණේ, එයින් වායු ගෝලයට මුදා හැරුණු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අති විශාල බවයි සඳහන් වන්නේ. ඒ වගේම ඇමෙසන් වනය කේන්ද්‍ර කරගෙන විශාලතම අපරාධ සිදුවුණෙත් මේ ජනාධිපතිවරයාගේ සමයේ ම තමයි. මේ වෙද්දී වන හෙළි කිරීම්, නීති විරෝධී පතල් කැනීම් වගේ විශාල අපරාධ ප්‍රමාණයක් ඇමෙසන් වනාන්තරයේ සිදුවෙනවා. හැබැයි බොල්සොනාරෝ ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ.

ඔහු නැවත වරක් මේ ජනාධිපතිවරණයේ දී බලයට තරග කිරීමට සුදානම් වෙනවා. ඒ කියන්නේ ඇමෙසන් වනාන්තරයේ ඉරණම මහ භයානක දෙයක් වෙයි කියන එකයි.

ඊළඟට ඔහුගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයෙකු වන වාමාංශික දේශපාලනඥයෙකු ද වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා. ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් තමයි ඇමෙසන් වනය කේන්ද්‍ර කරගෙන සිදුවන අපරාධ ඔහු විසින් නවත්තනවා කියන එක. ලූලාගේ සමයේ තමා ඇමෙසන් වනාන්තරයට සිදුවූ අඩුම හානිය වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වනාන්තරයේ පැවැත්ම ලූලා ජනාධිපති වීම කියන දේ මත රැඳිලා තියෙනවා.

ඇමෙසන් වනාන්තරය රැක ගන්න වනාන්තරයේ ජීවත් වෙන ආදිවාසීන් ඇතුළු පිරිසක් සටන් කළත්, බ්‍රසීලයේ අති බහුතරයක් තමා හිතාගෙන ඉන්නේ ඇමෙසන් කියන්නේ නිකන් සත්තු ඉන්න කැලෑවක් කියලා. ඉතින් මේ ජනාධිපතිවරණයේ ඉරණම කොහොම විසිඳෙයිද කියන දේ ගැන හිතාගන්න බැහැ.

අමෙරිකාව, රුසියාව, උතුරු කොරියා, ඉරානය හෝ ඉන්දියාව වගේ රටක් න්‍යෂ්ටික අවියකින් ගහලා ලෝකය විනාශ කරනවට වඩා, මේ වගේ දැවැන්ත වනාන්තරයක් හෙමින් සැරේ විනාශ වෙලා යද්දී වෙන විනාශය වැඩියි. මොකද න්‍යෂ්ටික අවියක් වැදුනොත් අපි වේදනාවක් නැතුවම අළු වෙලා යයි එක් පාරම.. හැබැයි අර මහ වනාන්තරයක් ටික ටික විනාශ වෙලා යද්දී අපේ බෙල්ල හිර කරගෙන වේදනාවක් දීලා මරලා දානවා වගේ ඉරණමක් අපිට අත්වෙයි..

සංජේ රණවක

(බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් මේ වන විට හිටපු ජනාධිපතිවරයෙකු වන ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබේ.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...