ශෙහාන් කරුණාතිලක – The Birth Lottery and Other Surprises

මෙය ඉල්ලීමක් හෝ පොරොන්දුවක් ඉටුකිරීමකි. මෙය සෑහෙන කාලයකට පසු මා රාජකාරියෙන් බලහත්කාරයෙන් මුදවා උපැස් යුවළද මූණත්තහඩුවේ ඔබා පාන්දර තුනේ සිට හතර දක්වා අවදියෙන් තැබූ පොතකට පිදෙන එෆ් යූ-ස්තූතියකි. මෙය රාත්‍රී දොර ජනෙල් වැසූ පසු කාමරයේ ඉතිරි වන එක මැස්සෙකු සහ එක මදුරුවෙකු අතරින් මැස්සා බේරා මදුරුවාට බියකරු සසර පෙන්වීමේ මෙහෙයුමකි. මෙය දිරා යන ස්කන්ධයක් සහ ඉතිරිවන ආතල් එකකි.

මෙය ලියනගේ අමරකීර්තිගේ කෙටිකතා කලාව පොතේ ක්ෂුද්‍ර ප්‍රබන්ධමය කෙටිකතා පිළිබඳ පරිච්ඡේදය මට සිහි කැඳවූ ටුක්ටුක් ප්‍රබන්ධ කිහිපයක් සමග, ඒ පොතේ අනෙකුත් පරිච්ඡේද සිහි කැඳවන දිග කොටැති නෙක හැඩැති ප්‍රබන්ධ සහිත කෙටිකතා පැකට්ටුවකි. මෙය මාකේස්ගේ කතා අතරින් මගේ ප්‍රියතම කතාවක් වන ‘Someone Has Been Disarranging These Roses’ කෙටිකථාව සිහිගන්වන ‘Baby Monitor’ නම් ටිකීලා ෂොට්මය කතාවකින්ද යුක්ත පොත් වන්ඩියකි.

මෙය වරෙක බුකර් සම්මාන දිනූවෙකුගේමදැයි සැක සිතවන අතරම, වරෙක මූට නොබෙල් තෑග්ගද දිය යුතු යැයි සිතවන ආකාරයේ ‘මේ කරල මෝරලා – මේ කරල ළපටියි’ වර්ගයේ එළවලු පන්සීයකි. මෙය වරෙක ‘මේක නම් බුකර් ෂෝට්ලිස්ට් වෙන බව දැනගෙන හදිස්සියේ එකතු කරපු කතා ටිකක්’ කියා හිතෙන අතරම ‘අම්මට සිරි තව කතා තියනවා නං එකතු කරලා තව පොතක් ගහපන් බොක්ක’ කියා සිතවන ලව්-හේට් රිලේෂන්ෂිප් එකකි.

මෙය කේක් ෆැක්ටරියේ කේක් එකක් බඳු කෙළ උනවනසුලු නිමාවකින් සහ සුවඳකින් යුත් මුද්‍රණයකි. මෙය කබ්රාල්ගේ මෑණියන් සිහිගන්වන මිලකින් යුත් භාණ්ඩයකි. මෙය ඉංග්‍රීසියෙන් ලියන මහත්වරුන් කලබල කරවා තම පෙට්ටගම් අවුස්සා පරණ හාෆ්ෂීට් එළියට අද්දවා සිංහලෙන් කුණුහබ්බ කියවීමේ හැකියාව ඇති ටීසර් එකකි. මෙය ලංකාවේ පරිවර්තන මැෂින් වල ෆියුස් වලට අබ සහ විනාකිරි සරණ කරවීමේ හැකියාව ඇති විදුලි දහරාවකි.
මෙය බුකර් සාරියෙන් සැරසී වෙඩිමෙන් නික්ම ගිය මනාලියක හනිමූන් හෝටලයේදී තුරුළට ගෙන, ප්‍රේමණීය ඉවසිල්ලකින් විඳගත යුතු නාරි රසයකි.
දැනට එපමණකි.

[මෙය අඩක් කියවා ලද විවේකයක ලියූ සැහැල්ලකි. හිතුණොත් පසුව ලියන (එහෙත් කිසිදා නොලියන බව අම්බ ෂුවර් වන) දීර්ඝ සටහනක පෙරගමන්කාර වචන තුන්සීයකි. මගේ වින්ඩීය ආතල් එක මැදට කිඹුලා උදලු පහරක් සේ පතිතවන මේ කෙටි සටහන, ඩිල්ශානි චතුරිකා දාබරේගේ ඉල්ලීමක් ඉටුකිරීමකි]

– තරිඳු ශ්‍රී ලොකුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...