“සමහරු කෙටි කාලයක් තුළ යෂ්ඨිය ගොඩාක් ඉදිරියට අරං ගිහින් ඊළඟ පරම්පරාව අතට පත් කරල යනවා”

නිර්මාණි, ඉතාම කලාතුරකින් හමුවන විශේෂ දක්ෂතා ඇති කෙනෙක්. ලංකාව යහපත් තැනක් කරන්න ඇය විශාල විදියට වෙහෙස වුණා. නාගරික ප්‍රදේශවල අතහැරී ඇති නාගරික වීදි දරුවන් ඉගෙන ගන්නා පාසැල් සමග ඇය වැඩ කරන කාලයේ දීයි අපි මුලින්ම හමුවන්නේ. ඒ මීට වසර ගණනාවකට පෙර.

ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කළ හැකි දැවැන්ත චරිතයක නික්ම යාම විශාල සංවේගයක් ඇති කරවන්නක්.

ඊයේ හවස 3 ට විතර මම ඇයට කතා කළා. නාසයේ කුඩා ශල්‍ය කර්මයකට ලංකා රෝහලට ඇතුළත්වී සිටිනා බව ඇය කීවා. අද හවස ඈ බලන්නට එන්නට මා පොරොන්දු වුණා. හවස 3.25 ට ඇගෙන් ආ අවසාන පණිවුඩයේ සඳහන්ව ඇත්තේ ලංකා රෝහලේ 8 වැනි මහලේ ඈ සිටිනා කාමර අංකයයි.

ලෝකය යහපත් තැනක් කරන්න හදන අයගේ ජීවිතය ‘සහාය දිවීමක්’ වැනියි. සමහරු ගොඩාක් කාලය අරන් යෂ්ඨිය ටිකක් දුර අරගෙන ගිහින් ඊළඟ පරම්පරාව අතට දීල යනවා. සමහරු කෙටි කාලයක් තුළ යෂ්ඨිය ගොඩාක් ඉදිරියට අරං ගිහින් ඊළඟ පරම්පරාව අතට පත් කරල යනවා. නිර්මාණි අයිති මේ දෙවැනි පිරිසට.

ගල්කන්දේ ධම්මානන්ද හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy