ඉතිහාසයේ ලින්කන්-කෙනඩි අද්භූත අහඹුව බඳු,1986-2022 සහ මැරඩෝනා-මෙසී අහඹුව!!

1986 හි දී, බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර මඟින් යුරෝපානු රටකට එරෙහිව පරාජයට පත් විය.

2022 හි දී, බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර මඟින් යුරෝපානු රටකට එරෙහිව පරාජයට පත් විය.

අවසන් වරට අර්ධ අවසාන පූර්ව තරගයක දී එකම දිනයේ දඩුවම් පහර මඟින් තරග දෙකක ම ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ 1986 හි දී ය.

2022 හි දී ද ඒ ඒ පරිදිම සිදු විය. අර්ධ අවසාන පූර්ව තරග වූ නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගයෙහි හා ක්‍රොයේෂියාව හා බ්‍රසීලය අතර තරගයෙහි ජයග්‍රහණය තීරණය කරනු ලැබුනේ එසේ දඬුවම් පහර මඟිනි. ඒ ද එකම දිනයක දී ය.
මොරොක්කෝව අවසාන වරට සිය කණ්ඩායම් අදියර (Group stage) ප්‍රථම ස්ථානය ලබා අවසන් කරනු ලැබුවේ 1986 හි දී ය.
2022 හි ද මොරොක්කෝව සිය කණ්ඩායම් අදියරෙහි ප්‍රථම ස්ථානය ලබා ගති.
අවසාන වරට බෙල්ජියම කණ්ඩායම් අදියර තෙවන ස්ථානය ලබා අවසන් කරනු ලැබුයේ 1986 හි දි ය.
2022 හී ද, බෙල්ජියම සිය කණ්ඩායම් අදියර තෙවන ස්ථානය ලබා අවසන් කරන ලදි.
අවසන් වරට පෝලන්තය ‘දහසය දෙනාගේ වටයට’ (Group of 16) සඳහා සුදුසුකම් ලැබුයේ 1986 හි දී ය.
පෝලන්තය නැවත වරක් 2022 හි දී දහසය දෙනාගේ වටයට සුදුසුකම් ලැබී ය.

එමෙන්ම, 1986 හි දී, පෝලන්තය කණ්ඩායම් අදියරේ දී, තරග එකක් ජයග්‍රහණය කොට එකක් ජයපරාජයෙන් තොරව අවසන් වී එකක් පරාජයට පත්විය.

2022 හී ද, එපරිදිම, පෝලන්තය කණ්ඩායම් අදියරේ දී, තරග එකක් ජයග්‍රහණය කොට එකක් ජයපරාජයෙන් තොරව අවසන් වී එකක් පරාජයට පත්විය.

1986 හි දී, කැනඩාව කණ්ඩායම් අදියරේ තරග වටය ලකුණු කිසිවක් නොලබා (0) අවසන් කල අතර 2022 හී ද, කැනඩාව කණ්ඩායම් අදියරේ තරග වටය අවසන් කරනු ලැබුයේ ලකුණු කිසිවක් ලබා නොගනිමිනි.

එමෙන්ම අවසන් වරට කැනඩාව පාපන්දු ලෝක කුසලානටක් සඳහා සුදුසුකම් ලැබූවේ 1986 හි දී ය. එහු දී ඔවුන් කණ්ඩායම් අදියරෙන්ම ඉවත්ව ගියේ එහි අවසාන ස්ථානය ලබා ගනිමිනි. නැවතත් 2022 හි දී පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ කැනඩාව එහි කණ්ඩායම් අදියරෙන්ම ඉවත්ව ගිය අතර ඒ අදියරේ දී, ඔවුනට නැවත වරක් අවසාන ස්ථානයම හිමි විය.
1986 හි දී ස්පාඤ්ඤය කණ්ඩායම් අදියරේ දී දෙවන ස්ථානය ලබාගනිද්දී, පෙළෙහි පළමුවැනියාට ලකුණු 06ක් හිමි වී ඔවුන් සතුව ලකුණු 04ක් විය.

2022 හී ද, ස්පාඤ්ඤයට කණ්ඩායම් අදියරේ දී දෙවන ස්ථානය ලැබී, පෙළෙහි පළමුවැනියාට ලකුණු 06ක් හිමි වී ඔවුන් සතුව ලකුණු 04ක් විය.
1986 හි දී උරුගුවේ, කණ්ඩායම් අදියර අවසන් කරනු ලැබුයේ එහි තුන්වන ස්ථානය ලබාය.
2022 හී ද, උරුගුවේ, කණ්ඩායම් අදියර අවසන් කලේ එහි තුන්වන ස්ථානය ලබාගනිමිනි.

අවසාන වරට බාර්සිලෝනා පාපන්දු කණ්ඩායම, රියල් මැඩ්රීඩ් පාපන්දු කණ්ඩායමට එරෙහිව, මෙසී නොමැතිව, ගෝල හතරක් වාර්තා කරනු ලැබූයේ 1986 හි දී ය. ඒ Santiago Bernabeu හී දී ය.

බාර්සිලෝනා කණ්ඩායම නැවත වරක් රියල් මැඩ්රීඩ් පාපන්දු කණ්ඩායමට එරෙහිව මෙසී නොමැතිව, ගෝල හතරක් වාර්තා කරනු ලැබුයේ 2022 හී දී ය. ඒ ද පුදුම සහගත ලෙස Santiago Bernabeu හී දී මය.
තවද, මැරඩෝනා ජර්මනියට ලෝක කුසලාන අවසන් තරගයක් පරාජයට පත් විය. එහි දී ලකුණු සටහන එකට බින්දුවක් (1-0) ලෙස පැවතිණි.

මෙසී ද, ජර්මනියට ලෝක කුසලාන අවසන් තරගයක් පරාජයට පත් විය. එහි දී ද ලකුණු සටහන එකට බින්දුවක් (1-0) විය.
මැරඩෝනා බාර්සිලෝනා පාපන්දු කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසුව වහාම පැවති පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර මෙසී ද බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමෙන් වහාම පසු පැවති ලෝක කුසලානය ජයග්‍රහණය ලැබීය.
මැරඩෝනා 1986 හි ලෝක කුසලාන අර්ධ අවසාන පූර්ව තරගයේ දී අත්පන්දුවක් (Handball) වාර්තා කල අතර මෙසී ද 2022 ලෝක කුසලාන අර්ධ අවසාන පූර්ව තරගයේ දී අත්පන්දුවක් වා‍ර්තා කරන ලදි.
මැරඩෝනා Away ජර්සියක් පැලඳ ලෝක කුසලාන අවසන් තරගයක් පරාජයට පත් විය.
මෙසී ද Away ජර්සියක් පැලඳ ලෝක කුසලාන අවසන් තරගයක් පරාජයට පත් විය.

මැරඩෝනා Home ජර්සිය පැලඳ ලෝක කුසලාන අවසන් තරගය ජයග්‍රහණය කල අතර මෙසී ද Home ජර්සිය පැලඳ ලෝක කුසලාන අවසන් තරගය ජයග්‍රහණය ලැබීය.

1986 හි ආර්ජන්ටිනාව මැරඩෝනා ගේ නායකත්වයෙන් පාපන්දු ලෝක ශූරයින් බවට පත් විය. එහි ප්‍රධාන විනිසුරු උපත ලබා තිබුනේ ජනවාරියක හත් වන දා ය.

2022 හී දී ආර්ජන්ටිනාව නැවත වරක් මෙසී ගේ නායකත්වයෙන් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර විශ්මිත ලෙස එහි ප්‍රධාන විනිසුරු ද උපත ලබා තිබුනේ ජනවාරියක හත් වන දා ය.
අවසාන වශයෙන්,

1986 හි ආර්ජන්ටිනා ලෝක කුසලාන ජයග්‍රහණය දකින්නට මෙසී උපත ලබා නොතිබුනු අතර 2022 ආර්ජන්ටිනා ලෝක කුසලාන ජයග්‍රහණය දකින්නට මැරඩෝනා ජීවත්ව සිටියේ නැත!!!

ඓතිහාසික ජායාරූප නොසැලෙයි (පිටුව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...