සිනමා පටි පහකි කළෙ ඩ්‍රාමා පහකී – ඒ හැම වැඩක තිබුණේ අමුතුම රහකී

තිබුණේ කලාවට පැටි විය සිට ඇම්ම
කළ වැඩ ටිකෙන් කදිමයි ඔහු දුන් ගැම්ම
උජුපටිපන්න මිනිහෙක් ලෙස වැඩ දැම්ම
නිතරම අධර්මෙට එරෙහිව සිටි ධම්ම

ඔහු ඒකාධිපති හා පළමුව පැමිණේ
මකරා ධවල භීෂනයක් මැද රමණේ
ආවේ ට්‍රොජන්ටත් පෙර යක්ෂාග⁣මණේ
මිනිහා තවම ඒවත් එක්කම හැමිණේ

ගණනින් පහක් වූවත් ඔහු කළෙ ඩ්‍රාමා
සළකුණු කළා ඒවා ඉහළම සීමා
මියුසික්වලින් ඔහු හා හිටි හැටි කේමා
ඒවයි තිබුණෙ බොක්කට වදිනම තේමා

මතකද හංස විළ තුළ මැවු සිරි ධර්ම
තුන්වෙනි යාමෙ බැඳුමකි අප හා ඝර්ම
දුටු විට සුද්දි සීතල වී ගියෙ චර්ම
නැවතී ගමන ළග බව දුක බව කර්ම

බක්මහ දීගෙ ඉදලා අප දුටු ඇක්ටර්
සරු කළෙ ඩිරෙක්ටර් ලෙස සිනමා සෙක්ටර්
පිනාචාරියෙක් නොව ඇත්තම ඩොක්ටර්
නෑ කිසි විවාදය ඔහු ඒ තුළ වික්ටර්

සිනමා පටි පහකි කළෙ ඩ්‍රාමා පහකී
ඒ හැම වැඩක තිබුණේ අමුතුම රහකී
ඒවා කිසි කලෙක අමතක කළ නොහැකී
තව වැඩ ටිකක් කෙරුවොත් ධර්මේ යෙහෙකී

දූශ්කරතාවයන් නොතකා ගෙන ඉවස
ඔහු නිවු නිසා හැකි ලෙස අපෙ රස පවස
හමුවී වැළදගන්නත් එක්කම හවස
එනවා නම් ඔබත් හෙට ධර්මෙගෙ දවස

ප්‍රියන්ත කොඩිප්පිලි
2022.12.20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...