මරණීය පහරේ සිහිනය, ඛේදවාචකයකින් අවසන් වෙයි!!

සූගර් රේ රොබින්සන් කියන්නේ බොක්සිං ක්‍රීඩාවේ හිටපු විශිෂ්ඨයෙක්. අලී සහ ටයිසන් වගේ ප්‍රබලම ක්‍රීඩකයෙක්.
අලී සහ ටයිසන්ගේ කාලයටත් පෙර හිටපු ක්‍රීඩකයෙක් කිව්වොත් හරි. ඔහු කොච්චර ප්‍රබලයෙක්ද කියනවා නම් තරග 201ක් ක්‍රීඩා කරලා ඉන් 174ක් ජයග්‍රහණය කරලා තියෙනවා. එතනිනුත් K.O. Punch වලින් දිනපු ගාන 109ක්. පරාජයන් තිබිලා තියෙන්නේ 19ක් විතරයි.

ඉතින් මේ වාර්තා සැලකිල්ලට අරගෙන ඔහු බොක්සිං පිටියේ හිටපු විශිෂ්ඨයෙකු කියලා අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන්.
1947 කියන්නේ රේ⁣ රොබින්සන්ගේ ජීවිතේ අමතක නොවනම දිනයක්.

1947 ජූලි මාසයේ 06 වනදා වෙන්න ඕන මම හරි නම්, රේ රොබින්සන් සහ ජීමි ඩොයිල් අතර සටනක් තිබුණා.
මේ සටනට කළින් රේ රොබින්සන් හීනයක් දකිනවා. ටිකක් භයානක හීනයක්. ඒ ඔහුගේ එක පහරක් හමුවේ ජීමි මරණයට පත් වෙනවා. ඒ හීනයට රේ කොච්චර බය වුණාද කියනවා නම් ඔහු තරඟ සංවිධායකයන්ට කතා කරලා තරඟය නවත්තන්න කියලා කියනවා.

රේ රොබින්සන් එක්තරා සාකච්ඡාවකදී කියනවා, ඔහුට දින 03ක කාලයක් තිස්සේ මොකක් හරි විපතක හැඟීමක් හිතට සෑහෙන්න වද දුන්නා කියලා.

ඉතින් තරඟය නවත්තන්න කියලා ඔහු බල කළත්, එකළ එක්තරා මන්ත්‍රීවරයෙක්, පූජකයෙක් ගෙනත් රේ රොබින්සන්ට කතා කරලා ඔහුගේ හිතේ තිබුණු අර සිතිවිල්ල කොහොම හරි යටපත් කරනවා.
ඒ කරලා සටන පවත්වනවා.

08 වෙනි වටයේ දී රේ රොබින්සන් විසින් ⁣වම් අතින් එල්ල කරන හූක් පහරක් හමුවේ ජීම් සිහි නැතුව ඇදගෙන වැටෙනවා.
තරගය K.O එකකින් රේ රොබින්සන් ජයග්‍රහණය කරනවා. හැබැයි රේ වෙනදා වගේ ජය සමරන්න ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු ජීමි දිහා බලාගෙන හිටියා, ඔහු අවදි වෙන්නේ නැති හැටි, ඔහුට ප්‍රථමාධාර දෙන හැටි දිහා.

සිදුවීමෙන් පැය 17කට පස්සේ 22 හැවිරිදි ජීමි ඩොයිල් හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මිය ගිය බවට වෛද්‍යවරුන් නිවේදනය කරනවා. මේ සිදුවීමෙන් රේ රොබින්සන් සෑහෙන්න මානසික කඩා වැටුණා කියලා සඳහන් වෙනවා. ඔහුට සටන් කරන්න පවා බැරි තරමට.

අවසානයේ ඔහු කොහොම හරි තරග කිහිපයක් ජයග්‍රහණය කරලා ඒවාගෙන් හම්බ වුණු මුදල් ජීමිගේ අම්මාට දෙන්න රේ කටයුතු කරනවා.

මොකද ජීමිගේ හීනය වෙලා තිබුණේ එයාගේ අම්මාට ඉන්න ගෙයක් අරන් දෙන එක.
කතාවෙන් ගන්න තියෙන දේ තමා යමක් කරන්න හදන කොට, හිතට දැනෙනවා නම් මේකෙන් මොකක් හරි ප්‍රශ්නකාරී, ගැටලුකාරී දෙයක් වෙනවා කියලා, ඒක කරන්න එපා. ටිකක් ඉඳලා ආයෙත් ඒ දේ ගැන කල්පනා කරලා බලන්න.
දෙයක් වුණොත් අපිට ආයෙත් කවදාවත්ම හරවන්න බැහැ.
මේ යට ඡායාරූපය මරණීය පහර එල්ල වුණු අවස්ථාවේ කැමරා කාචයේ සටහන් වුණු එකක්. නූතන අමෙරිකානු බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ සටනක දී සිදුවුණු ප්‍රථම මරණය විදිහටත් මෙය ඉතිහාසයේ ලියැවී තියෙනවා.

සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...