පීදෙද්දි ලා සියුම් පත්
අහස හිතුවෙත් නෑ තමයි
මුලු අහස ඔබ වෙයි කියා
මෝරද්දි මුදු සිහින් මුල්
පොළොව හිතුවෙත් නෑ තමයි
මුලු පොළොව ඔබ වෙයි කියා
ජීවිතේ නම් සොඳුරු වියවුල
ඔබ ඉතිරි කල මතක අතරින්
සියුම් ලෙස වියමන් වුණා දෙන්
සිහින මල් ලියකම් පිපුණු දෙන්
මා වටා තුඟු ලෙස නැගෙන්නේ
ස්නේහයෙන් හදවත වෙළන්නේ
ඔබමැ පමණයි – ඔබ තමයි
සිතුමිණි රත්නමලල