කහවන් සමනලූන්? නක් සදිසි ඇහැළ මල් කිණිති ඇහළ ගහට විතරක් නොව හතර දිග්බාගයටම රමණීයත්වය හා සුගන්ධය කැන්දාගෙන එයි. එහෙත් ඒසා නෙත සිත පිනවන ඇහැළ ගහ පවා ඔහුගේ දුක දුරු නොකරයි.
”බඩ පපුව දනවා… කොල්ලා මේ නේත්තරා දෙකෙං දකිනකං මට නිවනක් නෑ මල්ලියේ.”
සාදිරිස්ගේ සෝබර හඬින් මාගිරිස් නොකැළඹිණ.
”තවත් බලා ඉඳලා බෑ… හෙට මං පොලීසි යනවා…”
”ගියා බං ගියා… මෙහේ එන්ඩ කලිං මං පැමිණිල්ලක් දාලා ආවේ…”
බිඳුණු පයේ වේදනාව විඳ දරා ගැන්ම අසීරු නොවෙයි. ඉවසිය නොහැක්කේ මුණුබුරාගේ අතුරුදහන් වීමයි. ඔහු සිය නිවුන් සොහොයුරා වෙත ආවේ ගංගොඬේ සොයා පලක් නොවූ හින්දා ය.
”මල්ලියේ බුදු මල්ලියේ මගේ කොලූ ආවද ?” කඩිමුඩියේ කඩුල්ල පැන්න සාදිරිස් පය පැකිළී ඇද වැටුණේ ය.
කෘතිය – ගඟුල
කර්තෘ – ශාන්ති දිසානායක
සරසවි ප්‍රකාශනයක්