2003 පෙබරවාරි 01 වනදා අභ්‍යාවකාශ ගවේශණ ක්ශේත්‍රයේ අඳුරු දිනයකි.ඒ සිය අභ්‍යාවකාශ මෙහෙයුම අවසන් කර නැවත පෘතුවිය බලා එමින් සිටියදී කොලොම්බියා ශටලය පුපුරා යාම නිසාවෙනි.ශටලය එසේ පුපුරා ගියේ ඒතුල සිටි ගගණගාමීන් සත් දෙනාටද ක්ෂණික මරණයක් උදා කරමිනි.
ඒ 2003 පෙබරවාරි 01 වනදා උදෑසනයි.
නාසා ආයතන ශටල ව්‍යාපෘතියෙ ආරම්භක ශටලය වන “කොලොම්බියා ශටලය” (Colombia shuttle) සිය 28 වන අභ්‍යාවකාශ ගමන්වාරය අවසන් කරනුවස් ටෙක්සාස් හි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගොඩ බැසීම සඳහා එමින් තිබිනි.ඒ වන විට යානය කිලෝ මීටර 60ක් ඉහල අහසේ ශබ්දයේ වේගය මෙන් 18 ගුණයක වේගයකින් පහතට එමින් තිබිනි.
නමුත් හදිස්සියේම පෘතුවි මෙහෙයුම් මැදිරියේ පරිගණක වල පෙන්වූ ශටලයේ දත්ත කියවීම් අතර අසාමාන්‍ය යමක් පෙන්විය.එනම් යානයේ වම් තටුවේ උෂ්ණත්වය සංවේදක සහ වම්පස ටයරයේ වායු පීඩන සංවේදක තවදුරටත් ක්‍රියා නොකරන බවයි.මේ පිළිබඳ දැනුම්දීම සඳහා පෘතුවි පාලක මැදිරිය විසින් යානයේ කුටියට ඇමතුමක් ලබාගත් අතර ප්‍රධාන නියමුවා විසින් ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරත් එක් වරම අතරමග ආරම්භ කල වාක්‍යය අවසන් කිරීමකින් ද තොරවම ඔහුගේ හඬ නැවතී යන්නට විය.ඉන් පසුව ගතවූ ඉදිරි මිනිත්තු කීපය තුල පෘතුවි පාලක මැදිරිය විසින් යානයේ නියමු කුටිය සම්බන්ධ කරගැනීමට කීප වරක්ම උත්සහ කල මුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය….
මිනිත්තු 12ක් ගත විය.සියල්ල සාර්ථකව සිදුවිනි නම් මේ වන විට ශටලය කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගුවන් පතය මතට ගොඩබස්වා තිබිය යුතුය.නමුත් යානය එහි නොවීය.නිරීක්ෂණය මැදිරියෙන් පාලක මැදිරියට ඇමතුමක් ලැබුනේ එවිටය.යානය ඉහළ අහසේදී කොටස් වලට වෙන්වී යනු නිරීක්ෂණය කල බව ඉන් කියැවිනි.
ඉදිරි පැය කීපය තුලම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ රේඩාර් පද්ධතිවල විනාශ වූ ශටලයේ දසත විසිරී යන කොටස් පෙන්නුම් කෙරිනි.
ටෙක්සාස් ප්‍රාන්තය පුරා තැන තැන විනාශ වූ කොටස් පතිත විය.ඒ අතර ගගණගාමීන් හත් දෙනාගේ ශරීර කොටස්ද විය.ඔවුන් සත්දෙනාම මියගොස් තිබිනි.
අභ්‍යාවකාශයට ගිය ප්‍රථම ඉන්දියානු ජාතික කාන්‍තාව වූ ගගන ඉංජිනේරු “කල්පනා චව්ලා”ද, අභ්‍යාවකාශයට ගිය පළමු ඊශ්‍රායල ජාතිකයා වූ “ඉයන් රාමෝන්”ද ඒ අතර විය.
කොලොම්බියා ශටල අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වසර දෙකක කාලයකට ශටල ව්‍යාපෘතිය නාසා ආයතනය විසින් තාවකාලිකව අත්හිටවූ අතර 2011දී ශටල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටද කොලොම්බියා කේදවාචකය සෘජු බලපෑමක් එල්ල කලේය.
යානය අභ්‍යාවකාශයට රැගෙන යන අතරතුර එහි ප්‍රධාන ඉන්ධන බහාලුමේ මතුපිට අලවා තිබූ සූට්කේසයක ප්‍රමාණයේ තාප-ආරක්ෂක ආවරණ(insulating foam) කොටසක් ගැලවී විත් ඉතා වේගයෙන් ශටලයේ වම් තටුවේ වැදී අය සිදුරු කර තිබිනි.ශටලය නැවත පෘතුවිය කරා පැමිණෙන විට වායුගෝලයට ඇතුලු වීමේදී ජනනය වන අධික තාපය නිසා, ඉහළ උෂ්ණත්වයකින් යුතු වාතය වම් තටුවේ නිර්මාණය වූ සිදුරෙන් තටුව තුල ඒකරාශී වීමෙන් එහි උෂ්ණත්වය කෙල්වින් 3000ක් (3000 K) දක්වා වැඩිවූ බවත් ඒ නිසා යානය පුපුරා ගියබවත් පරීක්ෂණ වලදී සොයාගැනින.
සංකල්ප ගුණතිලක
ගගණගාමීන් සත්දෙනා
පුපුරා ගිය යානයේ කොටස් පහලට වැටෙන අයුරු
විනාශ වූ යානයේ කොටස්
ගොවියෙකු විසින් සිය ගොවිපලට වැටී තිබී සොයාගත් ගගණගාමියෙකුගේ හිස්වැස්මක්