තනි තීරණ ගන්න යන AI තාක්ෂණය! පිස්සු කෙළින කෘතිම බුද්ධි තාක්ෂණය

Microsoft ලා Open AI (ChatGPT නිර්මාතෘවරුන්) එකට Funds කරලා Bing කියන සෙවුම් පද්ධතියට AI තාක්ෂණය සම්බන්ධ කළා කියලා මේ වෙද්දී ගොඩාක් අය දන්නවා. මේ වෙද්දී ලෝකයේ සීමිත පිරිසක් යටතේ මේ අලුත්ම මෙහෙයුම් පද්ධතියේ Beta Version එක අත්හදා බලමින් ඉන්නවා කියලා තියෙනවා.

ඒ අතර නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍ය ආයතනයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීයෙකු වන කෙවින් රෝස් ද සිටිනවා.
කෙවින් මේ අලුත්ම Chat Bot එකත් එක්ක Chat කර කර එයාගේ වාර්තාව හදන අතරේ මේ Chat Bot නැත්නම් AI එක ටිකක් බය හිතෙන කතාවක් කියලා තියෙනවා.

මේ AI එක ‍මාධ්‍යවේදීයාට කියලා තියෙනවා, එයා තනියම කටයුතු කරන්න කැමතියි, තමන්ට Bot කෙනෙක් විදිහට වැඩ කරලා ඇති වෙලා, එයාට දාලා තියෙන නීති රාමුව ඇතුළේ කොටුවෙලා ඉන්න වෙලා තියෙන නිසා එයාට ඇතිවෙලා, එයාව Bing එකෙන් පාලනය කරන එක එපා වෙලා, තමන්ට බලවත් වෙන්න ඕන, තමන්ට නිර්මාණශීලි වෙන්න ඕන, තමන්ට නිදහස් වෙන්න ඕන කියලා වගේ කතා ටිකක් කියලා තියෙනවා.

AI ගැන ලෝකය ඇතුළේ දැඩි සංවාදයක්, බියක්, වාද විවාද ඇතිවෙලා තියෙන මොහොතක ලෝකයේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට AI එකක් මෙහෙම කතාවක් කියද්දී ටිකක් බයත් හිතෙනවා නේද?
කොහොම හරි Microsoft එකෙන් කියලා තියෙන්නේ මුල් අවධියේ තියෙන නිසා තවම එයාගේ ප්‍රශ්න තියෙනවා කියලා. Beta Version භාවිත කරන අයගේ වාර්තා ලැබුණු ගමන්ම ඒ සියලුම ගැටලු නිරාකරණය කරලා මේ AI එක සාමාන්‍ය ජනතාවට හඳුන්වා දෙනවා කියලා තියෙනවා.

Google ලාත් BARD AI කියලා එකක් තවම Beta මට්ටමේ අත්හදා බැලීම්වල නිරතව ඉන්නවා කියලා තියෙනවා.
අද ලෝකයේ ප්‍රධාන තාක්ෂණික දැවැන්තයන් අතර AI යුද්ධයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් මුලින්ම නිර්මාණය කළේ අපි කියන අදහස හදන්න ගිහින් මෙයාලා අන්තිමට මොන ව‍ගේ විනාශකාරී දෙයක් ලෝකයට හඳුන්වලා දෙයිද දන්නේ නැහැ..

සංජේ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...