නිදි පැදුරේ සිටි මිනිසුන් දහස් ගණනකට දිවි අහිමි කළ තුර්කියට සහ සිරියාවට බල පෑ බිහිසුණු භූමිකම්පාව මේ සිරියාවේ සුන්බුන් අතර සිටි එකම පවුලේ අක්කා සහ මල්ලීගේ දසුනක් ..
ඇය තම සහෝදරයාගේ හිස හැකි උපරිමයෙන්ම සුන්බුන් යට ආරක්ෂා කර ගනිමින් සිට ඇති අතර, සුන්බුන් ඉවත් කරමින් ආධාරක කණ්ඩායම් ඔවුන් වෙත පැමිණි විට නෙත් දෙකෙන් සිනහා වී ඔවුන් දෙස බලාසිටියහ..
තුර්කි භූ කම්පන විද්‍යාඥයන් ඇස්තමේන්තු කළේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4ක් ලෙසයි. කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසු දෙවන කම්පනයක් කලාපයට පැමිණි බව ඔවුහු පැවසූහ
තුර්කිය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූමිකම්පා කලාපයක ය.
මීට පෙර 1999 වසරේදී, රටේ වයඹ දෙසින් ඇති වූ බලවත් කම්පනයකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.
තුර්කියට සහ සිරියාවට පසුගිය පෙබ. 6 බලපෑ ඒකක 7.4 ක භූමිකම්පාව මෙම දශකයේ සිදුවූ භයානක ම භූමිකම්පාව විය හැකි ය. මෙයින් දෙරටේ ම මරණ 46 000 කට වඩා වැඩි ගණනක් වාර්තාවිය.