අගනුවර නාට්‍යයක් රඟ දක්වන්න සුදුසු රංගශාලා තියෙන්නේ දෙකයි. එකක් ලයනල් වෙන්ට් රඟහල. අනික එල්ෆින්ස්ටන් එක. මේ දෙකෙනුත් නළු නිළියන් රඟපාන්න කැමති Wendt (ලයනල් වෙන්ට්) එකේ. නාට්‍යකාරයෙක් හැටියට මම නම් රඟ දක්වන්න කැමති ම Wendt (ලයනල් වෙන්ට්) එකේ තමා.
හොඳට තිබුණු ජෝන් ද සිල්වා රඟහල කඩල මොකක්ද අටමගලයක් අටවනවා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන්. නෙළුම් පොකුණ හොඳයි සර්කස් පෙන්නන්න. ඉතිං Lionel Wendt එක අවුරුද්ද පුරාවටම වෙන්වෙලා. හොඳයි. නාට්‍ය පෙන්නන්න නේ !
රසිකයෝ අහනවා මාසෙකට සැරයක්වත් නාට්‍යය පෙන්නන්නේ නැද්ද කියලා. කොහේ පෙන්නන්නද? පෙන්නන්න තැනක් තියෙන්න ඕනනෙ.
ඔන්න බොහොම අමාරුවෙන් Wendt එකේ දිනයක් ගත්තා. ඒක බදාදා දවසක්.
සති අන්තයක් වෙනකන් බලා හිටියොත් එළුවා ගේ මොකක්ද එක වැටෙනකම් පස්සෙන් ගිය සතාට වුණ දේ තමයි වෙන්නේ. කැමති අය, මගහැරුනු අය බලන්න. ජුනි 21 හවස හතට 7 ට නේ. වැඩ ඉවර වෙලා එන්න.
අශෝක හඳගම