මේ දිනවල ලොව වැඩියෙන්ම කතාබහ වන හා යුරෝපීය ප්‍රේක්ෂකාගාරයෙහි වැඩිම අවධානයක් දිනාගෙන ඇති චිත්‍රපටය නම් , ඇමෙරිකානු ජාතික ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයකු වන ක්‍රිස්ටෝපර් නොලෑන් ( Christopher Nolan / B 1970 ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Oppenheimer 2023 යි. චරිතාපදාන ( Biographical ) ශානරයේ චිත්‍රපටයක් වන මෙය 2023 පූලි මස 21 වැනි දින සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත.
ගෙවීගිය සියවසේ ලොව සිදුවූ මහා මානව ඛේදවාචක අතර දෙවැනි ලෝක යුද්ධයට ( WWII : 1938 – 1945 ) හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි.එහිලා ඇමෙරිකානුවන් විසින් 1945 අගෝස්තු භස 06 වැනි දින ජපානයේ හිරෝෂීමා ( Hiroshima ) නගරයට ද අගෝස්තු මස 09 වැනි දින නාගසාකි ( Nagasaki ) නගරයටද හෙළන ලද පරාමාණු බෝම්බවල නිර්මාතෘවරයා වන්නේ ජේ. රොබට් ඕපන්හයිමර් ( J. Robert Opennhime 1904 – 1964 ) යි. ඒ ඔහුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය වූයේ මෑන්හටන් ( Manhattan Project ) ය.
මෙම ව්‍යාපෘතිය මගින් නිපදවන ලද Fat Man නැමති පරමාණු බෝම්බය හිරෝෂීමා නගරයට හෙලා අහිංසක ජනතාව 70.000.- 126.000 අතර සංඛ්‍යාවක් ද මෙහි නිපදවන ලද Little Boy නැමති පරමාණු බෝම්බ හෙළා නාගසාකි නගරයේ අහිංසක ජනතාව 60.000 – 80.000 අතර සංඛ්‍යාවක් ද අමු අමුවේ ඝාතනය කරන ලදි. එහිලා මෙම නගර දෙකෙහිම විකීරණශීලීත්වයට පත් ජනතාවගේ සංඛ්‍යාව 200.000 ආසන්න බව කියැවේ. මෙය මානව වංශයේ එතෙක් මෙතෙක් සිදුවූ ඉතා අවාසනාවන්ත ඛේදවාචක අතර ඉහළින්ම කියැවෙන මහා ඛේදවාචකයක් වන්නේ ය.
මෙම මහා විනාශයේ මහා මොලකරුවා නොඑසේනම් පරමාණු බෝම්බයො පියා වශයෙන් සැලකෙන්නේ රොබට් ජේ . ඕපන්හයිමර් ය. ඔහුගේ ජීවිත කතාව Oppenheimer චිත්‍රපටය සදහා පාදක වී ඇත්තේ ය .
චිත්‍රපටයේ නාමාවලිය —-
Directed by
Christopher Nolan
Written by
Christopher Nolan
Based on
American Prometheus
by Kai Bird /Martin J. Sherwin
Produced by
Emma Thomas
Charles Roven
Christopher Nolan
Starring
Cillian Murphy
Emily Blunt
Matt Damon
Robert Downey Jr.
Florence Pugh
Cinematography
Hoyte van Hoytema
Edited by
Jennifer Lame
Music by
Ludwig Göransson
Production
Companies
Universal Pictures
Syncopy Inc
Atlas Entertainment
Distributed by
Universal Pictures
Release date
July 21, 2023
Countries
United States
United Kingdom
Language
English
Budget
$100 million
මෙම චිත්‍රපටය රූපගත කිරීම් සදහා භාවිතා කර ඇත්තේ ලොව සුපිරිම imax
කැමරා වීම විශේෂත්වයකි.
අධ්‍යක්ෂකවරයාගේ වතගොත කෙබදුද ?
ඇමෙරිකානු ජාතික ක්‍රිස්ටෝපර් නොලෑන් වර්තමාන හොලිවුඩ්පුරයේ සිටින සුපිරි සිනමා අධ්යක්ෂකවරයකි. විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නිපදවීමට වැඩි ඇල්මක් දක්වන මොහු තම චිත්‍රපටය වෙනුවෙන් අති විශාල පිරිවැයක් වියපැහැදම් කරන්නේ ය. එසේම මොහුගේ සෑම චිත්‍රපටයක්ම ඉහළ බොක්ස් ඔෆීස් වාර්තා අතරට ගැනෙන්නේ ය. ඒවා අතර Fallowing – 1998 / Memento – 2000 / insomnia – 2002 / Batman Begins – 2005 / The Prestige – 2006 / The Dark Knight – 2009 / inception – 2010 / The Dark Knight Rises – 2012 / intersteller – 2014 / Dunkirk – 2017 / Tenet – 2020 යනාදී චිත්‍රපට උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකිය .
මොහු විසින් 2017 දී දෙවැනි ලෝක යුද්ධයේ සිදුවූ ඩන්කර්ග් සටන පාදක කරගෙන නිර්මාණය කරන ලද Dunkirk චිත්‍රපටය ලද බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 570 කි.
ඔහුගේ නවතම අති දැවැන්ත චිත්‍රපටය වනුයේ Oppenheimer ය. එහි පිරිවැය ඩොලර් මිලියන 100 කි. එය 2023 ජූලි 21 වැනි දින සිට ලොව පුරා ප්‍රදර්ශනය වන්නේ ය.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය ( Film Trailer ) මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමගම ලොව පුරා විසිර සිටින සිනමා ප්‍රේක්ෂකයන් සේම විචාරකයන් මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ සෙයින් කතාබව කරන්නට පටන්ගෙන තීබේ.ඊට වෙසෙසින්ම බලපාන තවත් කාරණාවක් වී ඇත්තේ ලෝකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් දැවැන්ත ටෙලි නාට්‍යයක් වූ Peaky Blindness – 2013 හි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් අයර්ලන්ත ජාතික දක්ෂ නළුවකු වන ක්ලෙන් මර්පි ( Cillian Murphy ) මෙහි ප්‍රධාන චරිතය වන ඕපන්හයිමර්ගේ චරිතයට පණ පෙවීමයි .
ක්‍රිස්ටෝපර් නොලෑන්ගේ චිත්‍රපටය සදහා එදාමෙදා තුර ලෝකයේ දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් නිරූපණය වී ඇත්තේ ය. එහිලා ඔහු තම කුමන ශානරයේ චිත්‍රපටයකට වුවද දැවැන්ත පිරිවැයක් වියපැහැදම් කලත් ඔහුට හෝ ඔහුගේ නිෂ්පාදනය ආයතනවලට ඒ පිළිබඳව කිසිදු බියක් සැකක් නැත්තේ ඒවා ඉහළම බොක්ස් ඔෆීස් ආදයම් වාර්තා තබන බැවිනි.
විශේෂ සටහන —-
ජූනි හා ජූලි මස ලොව අති-දැවැන්ත චිත්‍රපටය ත්‍රිත්වයක්ම ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත. එහිලා අද්විතීය ඇමෙරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් මැන්ගෝල්ඩ් ( James Mangold ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Indian Jones and the Dial of Desting – 2023 ජූනි මස 30 වැනි දිනද ඇමෙරිකාව ජාතික අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් මැක්කුයිර් ( Christopher McQunarrie ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Mission Impossible – 2023 චිත්‍රපටය ජූලි මස 10 වැනි දිනද මෙහිලා කතාබහ කරන ලද Oppenheimer – 2023 චිත්‍රපටය ජූලි මස 21 වැනි දින ද ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත. මෙම චිත්‍රපටය ත්‍රිත්වයේම ලෝක සමගාමීව ප්‍රදර්ශන මහනුවර KCC-MULTIPLEX හි දී ආරම්භ වනු ඇත. දැනට මාස දෙකකට පමණ පෙර සිට මෙම චිත්‍රපටවල පූර්ව ප්‍රචාරකපට එහි ප්‍රදර්ශනය වන්නේ ය.
මෙහි යථාර්ථය කුමකද ? ඒ අන් කිසිවක් නොව අපට ඔරොත්තු නොදෙන පිරිවැයක් දරා නිර්මාණය කරන ලද ථෙතිහාසික හා බෞද්ධ චිත්‍රපටය යන නමින් ප්‍රදර්ශනය වන චිත්‍රපට සියල්ලම මෙරට කොළඹ හා මහනුවර සුපිරි සිනමාශාලාවලින් ගැලවී විසිවී යන දින වැඩි ඈතක නොවන අතර මෙරට ඉහළ මධ්‍යයම පාන්තික ප්‍රේක්ෂකාගාරය මෙම චිත්‍රපටය කරා රොද බැඳගෙන එක්රෝක් වන බවයි. විශේෂයෙන්ම මෙරට තරුණ තරුණියන් ඒ අතර විශේෂ වන්නේ ය.
වටින් ගොඩින් ඇසෙන ආරංචිවලට අනුව මෙමස සිට ලබන මස අවසන දක්වා බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට බහුතරයක්ම
ප්‍රදර්ශනය කිරීම මෙම අති දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වය ඉන්දියාවේ බොහෝ සිනමාශාලාවල තිරගත වන නිසා නතරකර දමා ඇති බව කියැවේ.
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි