Threads හදුන්වා දුන් පළමු දිනයේම පරිශීලකයින් මිලියන 30ක් එක්වෙයි

Threads App සඳහා එහි පළමු දිනයේදීම මිලියන 30ක පරිශීලකයින් ලියාපදිංචි වී ඇති බව සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසයි. Facebook මව් සමාගම වන Meta විසින් Threads App හදුන්වා දී තිබේ.

මේ අතර මෙතෙක් රූප හා වීඩියෝ පමණක් පළ කළ හැකිවූ instagram යෙදුමට නව අංග එක් කිරීමක් ලෙස අදහස් දැක්වීමේ හා සංවාද සිදු කිරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් Threads ඇප් එක නිර්මාණය කළ බව එහි නිර්මාපකයින් පෙන්වාදෙයි.

Twitter සමාජ ජාල යෙදුමට සමානව Threads යෙදුම නිර්මාණය කර තිබේ. Twitter හි සිදුකළ මෑත කාලීන වෙනස්කම් පිළිබඳ අසතුටුදායක ට්විටර් පරිශීලකයින් Threads සඳහා ආකර්ෂණය කර ගත හැකි බවද මෙම ඇප් හි නිර්මාපකයින් පවසයි.

නමුත් Threads සම්බන්ධයෙන් අදහස් දක්වමින් Twitter ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසන්නේ Twitter අනුකරණය කරමින් app නිර්මාණය කිරීමට උත්සහා කලද පරිශීලකයින්ට “කිසිදා Twitter හි අනුපිටපත් අවශ්‍ය නොවන බවයි.

Threads පරිශීලකයින්ට අක්ෂර 500ක් දක්වා අදහස් පළ කිරීමට ඉඩ ලබා දෙන අතර Twitter හා සමාන බොහෝ විශේෂාංග ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින...

‘මේ ගසට ගල් ගසන්න’- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ...

සත්‍ය ගවේෂණයෙන් ප්‍රවාදයන් සත්‍ය කළ මිනිස්සු කෝන්ටිකී

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා...

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින...