ජීවිතය ප්‍රේමයේ විශ්වයක පොඩි තිතක්

සුපෙම්වත වසන්තය ලස්සනම කවි හිතක්
නොනැවතී තෙතමනය ඉතිරෙනා උල්පතක්
ආදරය ගැන ලියා තැබිය හැකිවෙයි පොතක්
ජීවිතය ප්‍රේමයේ විශ්වයක පොඩි තිතක්

සිත්තමක නෙක වර්ණ ගල්වන්න හැකි වෙතත්
එකම පැහැයක නැවතිලා මන්ද හදවතක්
වීණාව වයනු හැකිවෙද නොහඬවා තතක්
මතක අමතක කරමු මදු විතක් ළඟ නැතත්

ඉංග්‍රීසි ගීතයක් ගැඹුරු හඬකින් ගයා
මිහිර සැඟවූ නිම්නයක ඉන්නේ ඇයි ඔයා
මහාමෙර මොහොතකට හිස මතින් බිම තියා
ළඟ ඉන්න හැකි අපට ඒ තරම් දුර නොයා

කාංචනා ප්‍රියකාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින්...