ලෝකයේ හරිම අපූරු මිනිසුන් සිටිනවා. ඔහු නිවසට ගියේ වසර 10කට පසුයි

ලෝකයේ හරිම අපූරු මිනිසුන් සිටිනවා. “ඔබ ලෝකයේ රටවල් කීයකට සංචාරය කර තිබේද?” ඒ ප්‍රශ්ණය ඩෙන්මාර්කයේ තෝර් පෙඩර්සන්ගෙන් ඇහුවොත් ලැබෙන පිළිතුර 203ක්. විශේෂත්වය වන්නේ මේ රටවල් 203 සංචාරය කරන්න ඔහු කිසිවිටෙක ගුවන් යානයක් භාවිතා නොකිරීමයි.

පසුගිය ජූලි 24 වෙනිදා ඔහු ඩෙන්මාර්කයේ නැගෙනහිර වෙරළින් ඔහුගේ ඓතිහාසික ලෝක සවාරිය නිමා කළා. මිලාන් මර්ස්ක් නෞකාවෙන් අර්හස් වරායට පැමිණි ඔහු තමන්ගේ නිවසට ගියේ වසර 10කට පසුයි.

2013 දී එනම් වයස 34 දී පෙඩර්සන්ට මේ අලුත් අදහස පහල වී ඇත්තේ ඔහුගේ පියා විසින් එවු ලිපියක් හේතුවන්. එතෙක් කිසිවෙකු ලෝකයේ සෑම රටකටම සංචාරය කර නොමැති බව පෙඩර්සන්ට එදින දැන ගැනීමට ලැබුණා. එසේම එකදු ගුවන් යානයක් හෝ භාවිතා නොකර එසේ ලෝකය පුරා සංචාරය කළ අයෙකු මින් පෙර වාර්තා වන්නේත් නැහැ.

ඉන් දින කිහිපයකට පසු පෙඩර්සන් 358000 km දුර දිර්ඝ සංචාරය සඳහා තම ගමන් මළු අසුරා ගත්තා. හරියටම 2013 ඔක්තෝම්බර් 10 දා ඔහු ඩෙන්මාර්කයෙන් පිටත් වුණා. තම සංචාරයට ඔහු “Once Upon a Saga” යන නාමය යොදා ගෙන තිබුණා. ගමනට පෙර ඔහු කිසිවිටෙක කඩ නොකරන බවට වූ ස්වයං නීති තුනකට දිවුරුම් දුන්නා.

සෑම රටකම අවම වශයෙන් පැය 24ක් ගත කරන බවත්, දිනකට දළ වශයෙන් ඩොලර් 20කින් ජීවත් වන බවත් රටවල් සියල්ලේම සංචාරය කිරීමෙන් තොරව ආපසු නිවසට නො පැමිණෙන බවත් එකී ස්වයං දිවුරුම් තුනයි.

බහාලුම් නැව් 37ක් ඇතුළුව දෙපයින්, කාර්,බස්, දුම්රිය හා බෝට්ටුවලින් ඔහු ගමන් කර තිබුණා. ඔහු මුලින්ම ගිය රට ජර්මනිය වන අතර අවසාන රට මාලදිවයිනයි. මාලදිවයිනට යෑමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ දින කිහිපයක් ගත කර තිබුණා. ඔහු සංචාරය කළ රටවල් 203 ට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් ස්වෛ‍රී රාජ්‍ය 195කුත් තවත් මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශ 8කුත් ඇතුළත් වෙනවා.

ලෝක ගෝලය වටා ගමන් කිරීම සුන්දර අත්දැකීමක්ම නොවෙයි. ඒක අපුරු අදහසක් වුණත් ලෙහෙසි-පහසු අභියෝගයක් නොවෙයි. පෙඩර්සන් බටහිර අප්‍රිකාවේදී ඉබෝලා රෝගයටත්, ඝානාවේදී දරුණු මැලේරියා රෝගයටත් ගොදුරු වුණා. කෝවිඩ් වසංගතයටත් ලොක් ඩවුන් නීති වලටත් කොටු වෙන්න ඔහුට සිදුවුණා. මැදපෙරදිග කලාපයේදී වීසා සඳහා බාධාවන් පැමිණුනා.අත්ලාන්තික් සාගරයේදී ඔහු ගමන් ගත් බහාලුම් නෞකාව දරුණු කුණාටුවකට හසු වුණා.

තම සංචාරයේදී හමු වූ ශ්‍රී ලංකාව පිළිබඳව පෙඩර්සන් ඉහළින්ම වර්ණනා කර තිබුණා. විශේෂයෙන් ලංකාවේ තේ ගැනත් ආගන්තුක සත්කාර ගැනත් ඔහු සඳහන් කර තිබුණා. කොළඹ බාබර් සාප්පුවකින් කොණ්ඩය කපා ගත් හැටිත් ඉන්පසුව ලැබුණු ගැඹුරු හිස සම්බාහනය පිළිබඳවත් ඔහු ස්මරණය කර තිබුණා. කොටින්ම ශ්‍රී ලංකාව යනු නරකක් කියන්න බැරි තරම් හොඳ රටක් යනුවෙන් පෙඩර්සන් සටහන් කර තිබුණා.

ශානක ලියනගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන්...

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආරණීය බලු සුරතලෙකු පැමිණේ !!

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival...

‘යටත්විජිතකරණය හමුවෙි දණ නැමූ දකුණු ඇමරිකානු සංස්කෘතිය හෙවත් සර්පයා වැළඳ ගැනීම’ – ‘Embrace of the Serpent’

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට...

කෙටිකතාවෙන් සාහිත ලොව දික්විජය කළ ඇලිස් මුන්රෝ සමුගනී

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු...