කුරුවිට අභයවර්ධන කොළඹට

‘අභයවර්ධන’ 1935 රත්නපුරේට මෙහා කුරුවිට ඉපදිලා සහජයෙන්ම ආපු හැකියාවක් නිසාම 1960 ගණන් වල රේල්ලුවේ නැගලා කොලබ ඇවිත් හේවුඩ් කලායතනයෙන් චිත්‍ර කලාව හදාරලා තියෙන්නේ වැල්ලවත්ත පෙහෙකම්හලේ මෝස්ත්ර නිර්මානරුවෙක් ලෙසත් පාර්ට් ටය්ම් වැඩකරන ගමන් .. ඊට පස්සෙ දසක හතරක් විතර ආදරනීය ගුරුවරයෙක් හැටියට වැඩකරපු කුරුවිට අබයවර්දන දුවා දරුවන් දහස් ගනනකගෙ සිතුවම් හැකියාව දියනු කරලා තමන්ගේ ඒ සෙවය දිගටම කරගගෙන යන්න පරම්පරාවක් බිහිකරලා මේ වනවිට තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන ගමන් ඉන්නෙ.

අද වෙනකොට ජ්විතයේ ජයග්‍රාහී නව වැනි දශකය ආසන්නයේ ඉන්න විවේකයට චිත්‍රාවලියකුත් නිර්මානය කරගෙන යනවා…තමන්ගෙ ජීවන අත්දැකීම් පෙලට ගොනුකරලා..ඒ අතර කවිත් ලියනවා..

මේ චිත්‍ර පෙල අධ්යනය කරනවිට අපූරුවත්වයක් පෙන්නුම් කරනවා . ඔහු ගේ බොහෝතේමාවන් ඔහුගේ ජීවිත්ය එක්ක ගැටෙන ගම කේන්ද කරගෙනය් තියෙන බොහෝම සරල දේවල් . සිරීපාදෙ කන්ද ගොඩ්ක සිතුවම් වල පේන්න තියෙනව. තේ වතු, කුබුරු, දිය පාරවල් එක්ක බැදුන ජීවිතය… සරුන්ගල් ඇරීම, ගෙවිලියන් , පලතුරු අස්වනු නෙලනියන් , කුරුල්ලනට කෑම දීම, ගමේ පන්සලේ පෙරහර වගේ..ගංවතුර, අලිය හේනට පහරදීම වගේ චිත්‍ර ඔහුගේ සන්වේදී බව පෙන්නනව..

මේ ඇතැම් චිත්‍ර වල නැවුම්ම කොම්පෝසිශන් එකක් , සිත් ගන්නා සුලු , අප නොහිතන පරාසයක දීප්තිමක් වර්ණ භාවිතයක් එක්ක සුදු වර්නය භාවිත කිරීමක් , වේගවත් නිදනස් පින්සල් පහරවල් දක ගත හැකියි.. ඔහුගේ කව්‍යමය සිතිවිලි වල ප්‍රොජෙක්ශන් එකක් වගේ..

ආයෙ කවදාවත් ආයෙත් කොලබට ඇවිත් චිත්‍ර ප්‍රදර්ශනයක් කරපු නැති කුරුවිට අබයවර්දන මේ පාර කොලබ එනවා.

අවුරුදු 89 යක වැඩිහිටියෙක් වයසට නොගිය කවිකාර සිතුවිලි සිත්තම් එක්ක කලාපොලේ 121 කුටියෙදි හමුවෙන්න පූලුවන්..

එන්න 18 වෙනිද , හෙට කොළඹ විහාරමහා දේවී එක පැත්තට..

ප්‍රබෝධ අබයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy