පාසැල…. ඒ නීරස එපා කරපු තැනක්.
මට ඕනෙ වුනේ නොදන්න දේ දැනගන්න.. මට අවශ්‍ය දේ ඉගෙන ගන්න.
ඒ වුනත් ගුරුවරුන්ට ඕනෙ වුනේ විභාගෙ පාස් වෙන්න පුළුවන් වෙන කරුණු විතරක් උගන්වන්න.
එපාම කරපු දේ පන්තියේ අපි අතර ඇති කරල තිබුනු තරඟය. හරියට ක්‍රීඩා තරඟ වගේ.
ක්‍රීඩාව එපා වෙන්නත් මේ තරඟයම හේතුවක් වෙනව.
මේ නිසාම මම අසාර්ථක ..අනුවණ ශිශ්‍යයෙක් බවට තීරණය කෙරෙනව.. පන්තියෙන් කොන් වෙනව. කීප සැරයක්ම පාසැලෙන් අස්වෙලා යන්න කියල ගුරුවරු මට බල කරනව.
ඒ මදිවට ඉගැන්වීම් අස්සට ආගම රිංගවල.. විශ්වාස කරන්නත් උගන්වනව.
මොනව කරන්නද.. ඒ මියුනිච් කතෝලික පාසැලක්.
දැනුම පිපාසයෙන් පෙළුනු මට .. ඉගෙන ගන්න පිපාසයෙන් හිටපු මට .. හුස්ම හිරවෙනව වගේ දැනෙන්න ගන්නව. තව විදිහකට කීවොත් පාසැලේ ගුරුවරුයි මගෙ බෙල්ල මිරිකන්නෙ.
ලකුණු .. සම්මාන නිකම්ම ඉලක්කම් විතරයි. ඒවගෙන් දැනුම මනින්නෙ කොහොමද.?
කොහොමද මේ වගේ ක්‍රමයකින් දැනුම පිපාසයෙන් පෙලෙන දරුවෙක් තේරුම් ගන්නෙ.?
කොහොමද මේ විකාර ක්‍රමයෙන් තරුණයෙකුගෙ උවමනාව දැන ගන්නෙ……!!
අවුරුදු දොලහ වෙද්දිම මම ගුරුවරුන්ව අවිශ්වාස කරන්නත් මුළු ක්‍රමයම සැක කරන්නත් පටන් ගන්නවා.
මට ඕනෙ වුනේ විශ්වාස බලෙන් පටවන්නෙ නැති.. දැනුමට තැන දෙන පාසැලක් හොයාගෙන යන්න.
………… .
මෙහෙම කියන්නෙ නම කිව් සැනින් ලෝකයම හඳුනන පුද්ගලයෙක්.
විලියම් හර්මන්ස් නැමැති ප්‍රසිද්ධ ගත් කරුවා/ දේශකයා සමග කල කතා බහකදී මේ කතාව කියන්නෙ ඇල්බට් අයින්ස්ටයින් .
(Albert Einstein In a conversation with William Hermanns).
මේ සිදුවීමෙන් අවුරුදු සීයකට පස්සෙ වුනත් මේ අමුතු අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා තියෙන්නෙ රටවල් කීයක විතරද.?
ඒ මදිවට ආගමික විශ්වාස පාසැල් දරුවන්ගෙ ඔළුවට රිංගවන එකවත් නතර කරල තියනවද.?
කුඩා අයින්ස්ටයින්ල කී දෙනෙක් නම් මේ මොහොත වෙද්දිත් පංති කාමරයේ දුක් විඳිනව ඇතිද.!!