“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ ‘සාරි ඇඳපු පිරිමි’ නවකතාව. ‘සාරි ඇඳපු පිරිමි’ ආඛ්‍යානය දුර්ලභ ගණයේ කතා වස්තුවක් අන්තර්ගත නවකතාවක් බව සඳහන් කළේ හේතු ඇතිව ය. ලාංකේය නූතන නවකතාවන් බොහෝමයක් ලියවෙන්නේ ඓතිහාසික ශානරය යටතේය. අනෙක් අතට ඓතිහාසික නොවුවත් වට්ටෝරුගත වු කතාවස්තුවක් අලුත් වටයකින් පාඨකයා වෙත ගෙන ඒමක් ලාංකේය නූතන නවකතාවල මා පෞද්ගලිකවම නිරික්ෂණය වූ කාරණාවකි. ප්‍රේමය පිළිබඳ සංකීර්ණතා, විදේශ රටවල සංක්‍රමණික ජීවිත, කාන්තාවන් මුහුණ දෙන අර්බුද, දේශපාලනය පිළිබඳ ගැටලු ආදිය ප්‍රස්තූතය බවට පත් කරගනිමින් එම තේමාවන් අතොරක් නැතිව පාඨකයා වෙත නිරතුරුවම ගෙන එන්නකි. නමුත් ‘සාරි ඇඳපු පිරිමි’ හරහා විෂ්ණු වාසු ගෙන එන්නේ නවීන ලෝකය තුළ දැඩි සේ කතා බහට ලක්වන LGBTQ+ ප්‍රජාව පිළිබඳ කතාන්තරයකි.

මෙය කතුවරයාගේ පෞද්ගලික අත්දැකීමක් ද? නැතහොත් හුදු ප්‍රබන්ධයක්ද? යන්න අප නිශ්චිතවම නොදනිමු. නමුත් සාරි අඳින පිරිමි පිළිබඳ යමි කථිකාවතක් ගොඩ නඟන්නට මෙම කෘතිය හරහා යොදන සානුබලය අතිශය වැදගත් යැයි සළකමි. මන්ද ලංකාවෙි කාන්තාව දෙවන පෙළ පුරවැසියෙක් ලෙස ආන්තිකරණයට ලක්වෙමින් අරගලයක යෙදෙන මොහොතක් තුළ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පිළිබඳ ආන්තිකභාවය සහ සංස්කෘතික සීමාකමි කෘතිය පුරාවට අතිශය සංවෙිදි ලෙස නිරූපණය කරයි.

නවකතාව පුරාවටම පුරුෂාධ්පත්‍ය විසින් ගිලගත් බවට සංඥා කරන උතුරුකරයේ වැලිවැටිතුරෙයි උපන් ‘අර්ජුන’ නමි චරිතය පශ්චාත්තාපී හදවත් ඇත්තකුගේ අභ්‍යන්තර මානසික ගැටුම පිළිබඳ විවර කරයි. ආත්ම පශ්චාත්තාපය පිළිබඳ ආවර්ජනයක් වනවා සේම සුළු ජාතිය ලෙස හංවඩු ගසන ද්‍රවිඩයන්ට සිදුවන අනර්ථයන්හි පැතිකඩක් ද මෙම ආඛ්‍යානය තුළ නිරූපණය කරයි. පුරුෂයෙකුට පුරුෂත්වය තුළ හිමිවන වරප්‍රසාද ලිංගිකත්වය පිළිබඳ ඇති දෘෂ්ටිවාදීමය අදහස් නිසා අහිමි වීම අසාධාරණ බව සහ වින්දිතභාවයට (Victimize) ලක්වන ආකාරය පිළිබඳ තතු “අර්ජුන” සහ “ලක්ෂ්මි” යන චරිත විසින් මතු කරයි. කුලවාදය සහ පවුල් සමිබන්ධතාවයෙන් බැටකන ලක්ෂ්මි තමා අවට ඇති ලෝකයෙන් ආදරයත්, නිදහසත් අපේක්ෂා කරයි.

නවකතාව තුළින් සන්නිවෙිදනය කරන යුධමය තත්ත්වයක් තුළ දී ඊට ගොදුරුවූවන්ගේ මතකයන් සමඟ දිවි ගෙවන සමීපතයන්ගේ වෙිදනාව පිළිබඳවයි. ස්ව අනන්‍යතා අර්බුදය (self Identity crisis) වෙත ගොදුරු වූ ‘අර්ජුන’ පශ්චාත්තාපී හදවත් ඇත්තකුගෙ ශෝකාලාපය කෘතිය තුළින් ප්‍රේක්ෂක මනස කළඹයි. ශිෂ්ටාචාරය තුළ මිනිසුන් මිනිසුන් සමඟම සටන් කර බලය (Power) සහ ජාතිකත්වය (Nationality) පතා අපි සංග්‍රාම, අරගල, විප්ලව මඟින් තවමත් අපි වන්දි ගෙවමින් සිටිති. අර්ජුන සහ ලක්ෂ්මිගේ අනෙකා විසින් සිරගත කළ ආත්මය නිදහස් වන්නේ මරණය තුළම බව නවකතාවේ අවසානය තුළ සළකුණු කරන්නේ දිවියේ දැඩි අසාර බව මෙයම බව සංඥා කරමින්.

කතුවරයාට ආවෙිණික වූ අලංකාරවාදී බස් වහරක් අර්ජුනගේ කතාව කියන්නට යොදා ගනී. පිටු 180ක් පුරාවට ආඛ්‍යාන ස්වරූපය තුළ තිබෙන අති සරල බව තුළින් කෘතිය බාධාවකින් තොරව එක දිගට කියවිය හැකි ලෙස අවකාශය පාඨකයා වෙත සලසා දී තිබෙි. ‘සාරි ඇඳපු පිරිමි’ නවකතාව තුළ අර්ජුනගේ නිරූපණය විසින් විදහාපාන ලිංගික අනන්‍යතාවය (Sexual Identity) පිළිබඳ සංවාදය ඉතාමත් වැදගත් වෙයි. අර්ජුන සමාජය විසින් තාඩන පීඩනවලට ලක් කරන අයුරුත්, එම සමාජ පීඩනයට එරෙහිව පෙරළා තම ආත්මාභිමානය වෙනුවෙන් සටන් වැදෙන අයුරු පිළිබඳ කදිම නිරූපණයක් ලෙස ‘සාරි ඇඳපු පිරිමි’ නවකතාව හඳුන්වන්නට පුලුවන්.

සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පිළිබඳ සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි දක්වන ආකල්ප පුළුල් ලෙස වෙනස් කිරීමට ‘සාරි ඇඳපු පිරිමි’ වැනි නවකතාවකට තිබෙන ශක්‍යතාවය බොහෝ සෙයින් තියුණු ය. පුද්ගල නිදහස, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, මානව සමිබන්ධතාහි අති සංකීර්ණබව සහ ප්‍රේමයේ අහිමිවීම පිළිබඳ කියැවෙන ‘සාරි ඇඳපු පිරිමි’ යනු ප්‍රශස්ත මටිටමෙි නවකතාවකි. ‘සාරි ඇඳපු පිරිමි’ යනු මා මෑතක කියවූ වඩාත් ආකර්ෂණීය කෘතියකි. විෂ්ණු වාසුගේ වචනයෙන් කියනවා නම් ‘අතාරින්න එපා ඒ ආනන්දය’.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව ශතකය සහ ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීම

දෙවන ටෙස්ට් තරගය අවසන් වූවත්, කමිඳු මෙන්ඩිස් ගේ ද්විත්ව...

ස්තුතියි කුමුදු “කොළඹ මතක“ ලිව්වට

කෙනෙකු ස්වකීය ජීවිත මතකයන් ලියා තබන්නේ එය තවකෙකුට වැදගත්වේ...

ඩබ්ලියු ජයසිරි!!!

මා මුළින්ම ඩබ්ලියු ජයසිරි දුටුවේ, මට මතක විදිහට, 1986...

සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක්

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු,...