යසස් සමන්ත වීරසිංහ ගේ ‘වැහි පීල්ලක අතරමංව’

යසස් සමන්ත වීරසිංහ ගේ ‘වැහි පීල්ලක අතරමංව’ කියවන්න සිද්ධ වෙන්නේ ඒක “ව්දර්ශන සාහිත්‍ය ත්‍යාග” උළෙලේදී ප්‍රශස්තම නවකතාව බවට පත්වීම කියන කාරණය පෙරදැරි කරගෙනයි. කතන්දරය කියවගෙන යන අතරේදී ඒ කාරණාව කොහොමත් ඔලුවෙ රැඳෙනවාමයි. ඇයි මේක හොඳම නවකතාවක් කියන සම්මානයෙන් පිදුම් ලැබුවේ කියන එකට හේතු කාරණා ගලපගන්නත් වෙනවා. සම්මාන ලබපු පොතක් කියවන්න ගත්තම ඕන්න ඕක තමා ප්‍රශ්නෙ.
කතාව ආරම්භ වෙන්නේ තෙල් පෝලිමකින්. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් විදිහට අපිට මතක ඉතිහාසයක ක්‍රියාත්මක වූ පෝලිම් යුගයකින් අම්බානෙක බැට කාපු අති දුශ්කර කාල පරිච්ඡේදයක් ගතකරන්නට සිද්ධ වුණා මතක ඇති. වාහනේට තෙල් ගහගන්න දවස් ගණන් කට්ට කෑවා වගේම, ඒ පෝලිමේ ආතල් ගත්ත අයත් හිටියනේ. හැබැයි ඒ පෝලිමේම මිනිස්සු අවසන් ගමන් ගියපු සෝශනීය පුවත් පවා අහන්නට ලැබුණා. කොහොමින්හරි මේ පීඩාකාරී පෝලිම් අවසන් වෙනකන් මිනිස්සු බලන් හිටියා. ඉතින් කතන්දරය ආරම්භ වෙන්නේ බයික් එකට තෙල් ටිකක් ගහගන්න කට්ටක් කන රාජ්‍ය සේවකයෙක්ගෙන්.
පොතේ සඳහන් වෙන විදිහට:

ටෝකන් පෝලිමේ පැය දහතුනක්.
ආයෙමත් එහෙම්මම තෙල් පෝලිමේ පැය විස්සක්.
යන්තම් නිදාගත්තු රැයක්.
ආයෙමත් තෙල් පෝලිමේ මේ වෙන කොට තවත් පැය දහයක්.”

විදිහට ඒ කට්ට කොහොමත් සාමාන්‍ය මනුස්සයෙක් ට දරන්න බෑ. කතාව තෙල් පෝලිමෙන් ආරම්භ වෙලා තෙල් පෝලිමෙම ගලාගෙන යනවා. එතකොට මේක අවසන් වෙන්නෙත් තෙල් පෝලිමේම වෙන්න ඇති කියන අනුමානයත් ඇතිවෙනවා. නවකතාවක් එහෙම ඇදගෙන යන්න පුළුවන්ද? අන්න ඒක තමා මේකෙ මැජික් එක.

තෙල් පෝලිමේ කටු අත්දැකීම් විස්තර කරන්නේ රාජ්‍ය සේවකයා විතරක්ම නෙමේ, එයාගෙ කට්ට කන ජීවිතේට සම්බන්ධ වෙලා කට්ට කන එයාගෙ බයිසිකල් කට්ටත් අපිට කතා කරනවා. අරයා අපිට නොකියන ගොඩක් දේවල් මෙයා අපිට කියනකොට ඇත්තටම මේක හරිම අපූරු විස්තරකිරීමක් බවට පත්වෙනවා. ඒ විතරක් නෙමේ, මුරකාමි ගෙ, මාර්කේස් ගෙ පොත්වල චරිත පවා අපිට කතා කරන්න ගන්නවා. එතකොට මේක තෙල් පෝලිමක ආරම්භ වෙලා, තෙල් පෝලිමකම ගලාගෙන යන සහ තෙල් පෝලිමේම අවසන් වෙන කතාවක් විතරක්ම නෙමේ. මෙන්න මෙහෙම දේකුත් ඒ අතරමැද්දේ හම්බවෙනකොට:

“අත් දෙකට මේස් දෙකකුත් දාගත්ත මම මිනී පෙට්ටියෙ හාන්සි උනා. මගේ ජුන්ඩ කෙළින් වෙලයි තිබුණෙ. හතර වටෙන්ම පොළොවට පාත් වෙන්න කූඩාරමක් ගහල වගේ. අනිත් උන් ඇවිත් පෙට්ටිය වටේ ඉඳගෙන සෙල්ෆි ගහන්න පටන් ගත්තා.”
ඒ වගෙ විස්තර කිරීම් ගොඩක් එක්ක තෙල් පෝලිමේම දුවන කතාව ඉන් එහා බොහෝ දුර යනවා.
අන්තිමේදී:

“මට ඕන උනේ හීන නොපෙනෙන නින්දක්.
ඒ නින්දට පස්සෙ ආයෙත් නැවුම්ව ඇහැරෙන්න.
ජීවිතේ ඉතිරි දුර කාලයත් එක්කම දුවන්න.
මගේ දරුවො පිම්මෙ දුවවන්න.
දරුවන්ගෙ දරුවො අහසෙ පියාඹවන්න.

ඒකට මං ඇහැරෙන්න ඕන. නැවුම්ව නව ජවයකින් පිබිදෙන්න ඕන. දෙකට තුනට නැමෙන්නෙ නැතුව මේ ගල් මිනිස්සු එක්ක ඒකාත්මික වෙලා, උන් එක්ක එකටම උන් යන ගමනම යන්න පුළුවන් ගලක් වෙන්න ඕන. දියවෙන්න ඕන වෙන තැන්වලදි උන් එක්කම දියවෙන්න පුළුවන් වෙන්න ඕන. මැටි ගොඩක් වගේ උන් එක්කම එකට ඇනිලා, එකට පදම් වෙලා, එකට හැමිණිලා හැදෙන බලි රූපයක් වෙන්න ඕන. එතකොට ආයෙත් මේ වගේ තෙල් ගහගන්න තෙල් පෝලිම්වල තපින්න ඕන වෙන්නෙ නැහැ”

ප්‍රශස්ත ලෙසින් අගය කරන්නට සිද්ධ වෙන ගලායෑමක්, විස්තර කිරීමක් සහ වචන හරඹයක් අඩංගු වෙලා තියෙනවනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

එලොන් මස්ක් – The American Oligarch

එලොන් මස්ක්ගෙ නම නොදන්න කෙනෙක් ඉන්නවානම් ඒක පුදුමයක්.ව්‍යාපාරිකයෙක්ද.. විද්‍යාඥ්ඥයෙක්ද.....

වයස 27 ක ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර තරගය

ලොවක් බලා සිටි ජේක් පෝල් සහ මයික් ටයිසන් අතර...

පිරිමින්ට එරෙහි කාන්තාවන්ගේ සටන

ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ පීනට් නම් සුරතල් ලේනෙකු ඊට බලපෑ...

Life and nature sometimes show no mercy

Life and nature sometimes show no mercy