ජාත්‍යන්තර බුකර් සම්මානය, පළමු වරට මෙවර ඉන්දීය ලේඛිකාවකට

ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් පළමු ඉන්දීය ජාතිකයා ලෙස මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගැනීමට ඉන්දීය ලේඛිකා – ගීතාංජලී ශ්‍රී සමත් වී තිබේ.

ගීතාංජලී ශ්‍රීගේ Tomb of Sand, නවකතාවට මෙම බුකර් සම්මානය හිමිවිය. Tomb of Sand යනු මෙම සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ පළමු හින්දි භාෂා කෘතියද වේ.

ගීතාංජලී ශ්‍රී හා Tomb of Sand ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ඩේසි රොක්වෙල් අතර මෙහි ජයග්‍රහණයේ පවුම් 50,000ක මුදල් ත්‍යාගය බෙදෙනු ඇත.

ගීතාංජලී ශ්‍රී විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ “මම කවදාවත් බුකර් ගැන සිහින මැව්වේ නැහැ, මම කවදාවත් හිතුවේ නැහැ මට පුළුවන් කියලා,” බවයි.

ජාත්‍යන්තර බුකර් ත්‍යාගය සෑම වසරකම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කරන පොතක් සඳහා පිරිනමනු ලැබේ.

මෙය ඉංග්‍රීසි නවකතා සඳහා වන මෑන් බුකර් ත්‍යාගයට වඩා වෙනස් වේ. අතීතයේදී අරුන්දතී රෝයි සහ අරවින්ද් අඩිගා වැනි ඉන්දියානු ජාතිකයන් මෑන් බුකර් ත්‍යාගය දිනාගෙන තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Popular

සබැඳි
Related

අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ‘Anora’ (2024)

නරඹන්නට හේතු ගොඩායි. ප්‍රධානතම එක වෙන්නේ 77 වෙනි Cannes...

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව...

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි වී සිටින මුව පැටියා!

ඉලක්ක පුහුණුවීම් සඳහා භාවිතා කරන ලී මුවෙක් ලග ගුලි...

‘සහස්පත්’ – විජය නන්දන පෙරේරා

මත්සුවෝ බෂෝ ජීවත්ව සිටි අවධියෙහි හොක්කු යනුවෙන් හඳුන්වනු ලදුව...