මල් වලට අපි මොනතරම් ප්‍රිය කරනවද..ඒ නිසාම අපි අපේ ජීවිතේ වැදගත්ම අවස්තා මල් වලින් සරසනව. ඒක උපතේ ඉදන් මරනය දක්වා සිද්ද වෙනව. මරන මොහොතෙදි විතරයි අපිට ඒ මල් සැරසිල්ලෙ සුන්දරත්වය දකින්න ලැබෙන්නෙ නැත්තෙ.. ඒත් මරනය නරබන්න එන අය මල්වල අසිරිය විද ගන්නව. දේහය ලඟ මල් තියල ප්‍රකාශ කරන්නෙ ජීවත්වෙලා ඉන්න අය මියගිය කෙනා කෙරෙහි ඇති ආදරය යි. වන මල් වලින් සරසපු මල් වඩම් අදික මිලක් වැය කරමින් දේහය ලග තබා තිබෙනව අපි දකිනව. ඒ මල් වඩම් ගේන්නෙ..පවුලේ සාමාජිකයෝ වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඥාතීන් වෙන්න පුලුවන්.. සමහර විට මිත්‍රයො වෙන්න පුලුවන්. මිය ගිය කෙනා සේවය කළ සේවා ස්තානයෙන් වෙන්නත් පුලුවන්. මිය ගිය කෙනා තමන්ගෙ පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක් නම් ඒවෙනුවෙන් ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මල් වඩමක් අරගෙන එන්න පුලුවන්. මල් වඩම් ගේන්න අපහසු අය හැමකෙනෙකුටම හරියන විදිහට ප්‍රින්ට් කරල තියෙන ඩිජිටල් බැනර් එකක් එල්ලනව…(සෝකය අස්සෙ බැනර් එකෙන් පොඩි පබ්ලිසිටි පාරකුත් දාගන්නව..)
මිය ගිය කෙනා ජීවත් වෙලා ඉන්න කාලයතුල ප්‍රකාශ කිරීමට නොලැබුනු ආදරයේ ඇරියස් එක තමයි මේ හැම මලකින්ම පිට කරන්න උත්සාහ කරන්නෙ. ජීවත්වෙලා ඉන්න කාලෙදි තමන්ගෙ ආදරනීය හැගීම් ප්‍රකාශ කිරීමට නොහැකිවන හේතු මොනවද කියල ඔබේ ජීවන අත්දැකීම් ආවර්ජනය කරමින් හිතල බලන්න. එහෙම හිතනකොට ඔබට ලොකු කනස්සලු ස්වභාවයක් හිතේ ඇතිවෙන්න පුලුවන්..ඒ ඇරියස් එක කවර් කරගන්න දානමාන දීල පුලුවන්ද කියල බලනව සමහර පුද්ගලයො. සමහර මියගිය අය සම්බන්දයෙන් මටත් එහෙම ඇරියස් තියෙනවා ..(ඒ මට උගන්වපු ගුරුවරයෙක් සම්බන්ද ව.)
ජීවත්වෙලා ඉන්න කාලය ඇතුලත කෙනෙකුට අපේ යුතුකම් ඉෂ්ට වෙන්නෙ ආදර යේ පදනම මත ය. මුලින්ම කෙනෙක් වෙත ඇතිවන ආදරය ත් සමගම එම පුද්ගලයා කෙරෙහි බැදීමක් ඇතිවෙනව..එම බැදීම ඔස්සේ යුතුකම් ,,අවශ්‍යය තාවයන් ඉටු කරල දෙනව. මේ ආදරනීය ගනුදෙනුව තමන්ගේ පවුලේ සාමාජිකයන්ට පමනක් සීමා නොවී සමාජය වෙතද කාන්දු විය යුතුය. ඒ සදහා අප ආත්මාර්තයෙන් තොරව සිතන්නට පුරුදුවිය යුතුය. එහෙම හිතන්න බැරි විදිහට අපිව දේශපාලනිකව අපේ හිත් වෙනස්කරල තියෙන්නෙ.1977 පස්සෙ අපේ රටට ආව විවෘත ආර්ථිකය තමයි මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ. විවෘත ආර්ථිකයෙන් කළේ අපිට තරගය පුරුදු කිරීමයි. අපි දන්නෙම නැතිව ඒ රේස් එකේ තවමත් දුවනව…හති වැටෙනව විතරයි ,ජයග්‍රහණයක් නැහැ.. අපි භෞතික දේවල් හම්බ කරල ගොඩ ගහගන්න කොට පන තියෙන, හුස්ම ගන්න මිනිස්සු අපිට මිස් වූනා. අම්ම කෙනෙකුට දරුව වෙනුවෙන් දෙන්න කිරි එරෙනව වගේ හැම මනුස්සයෙකුගේ ම හදවතේ ආදරය පිරිල තියෙනව උතුරායන තරමට..නමුත් මේ තරඟකාරී ආර්තිකයත් එක්ක මිනිස්සුන්ගෙ පපු කුහරයේ තිබුනු ආදරය වේලිලා ගියා..
අපි ඔක්කොටම අද වෙලා තියෙන කතන්දරය ඕක නෙවෙයි ද…????
අපිට වැරදුන එක ඇත්ත..නමුත් අපිට වෙනස් වීමේ හැකියාව තියෙනව. ඇත්තට අපි හැමෝම ආසයි ආදරනීය මිනිසුන් වෙන්න. ඒකට තියෙන එකම භාධාව ධනවාදී දේශපාලනය කියන එක මේ කතාවෙන් ඔයාලට පැහැදිලි වෙලා ඉවරයි..එහෙම නම් අපි මිනිස්සුන්ට ආදරය කරන අලුත් දේශපාලනය ක් මේ පොලොවේ පැලකරන්න වෙහෙසෙමු..
ඔබේ ඉදිරියේ සිට හුස්ම ගන්නා මිනිසා මිය යන්න කලින් ඔහුට ආදර යේ සුවද තැවරුනු මලක් දිගු කරන්න..
– පාලිත ලොකුපෝතාගම(fb)